WA1

හද කැලඹෙන පුවතක්.

යාලුවනේ,අද මට ඔයාලට කියන්න වෙලා තියෙන්නේ ලොව පුරා පරිගණක පරිශීලකයන් ඉතා කණගාටුවට පත් කරන පුවතක්.මේ ප්‍රවෘත්තිය සමහර විට ඔයාලා පුවත්පත් මගින් දැනගෙන ඇති.

Windows 7


ඒ තමයි මෙතෙක් කාලෙකට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් බිහිවුණු හොදම මෙහෙයුම් පද්ධතිය.අද මම කියන්න යන කණගාටුදායක පුවත තමයි 2015 වසරේදී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය විශ්‍රාම ගන්නා බව.

ඒ කියන්නේ 2015 වසරේ ජනවාරි 7 වන දා සිට වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ Maintain Support නතර කරන එක.ඒකෙන් වෙන්නේ 2015 ජනවාරි 13 සිට වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සදහා අලුත් සර්විස් පැක්,අලුත් ටූල්ස්,අලුත් ෆියුචර්ස් ආදිය නිකුත් නොකරන බවයි.එතැන් පටන් වින්ඩොස් 7 හදුන්වන්නේ Extented Support Phase යනුවෙන්.ඒ කියන්නේ අර්ධ ලෙස වැඩි දියුණු වන මෙහෙයුම් පද්ධතියක් ලෙස.

ඒත් වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය සදහා තව වසර 5ක් යනකන් වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතියේ Security Updates පමණක් නිකුත් කිරීමයි.ඒ නිසා වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය 2020 වසරේ ජනවාරි 14 වන විට සම්පූර්ණයෙන්ම මැරුණු මෙහෙයුම් පද්ධතියක් වෙනවා.

එහෙනම් මම හිතනවා මේ පුවත ඔයාලට ලොකු දුකක් ඇති කරන පුවත් වෙන්නැති කියලා.තවත් මේ වගේ උණුසුම් පරිගණක පුවත් ලැබුණොත් එසැනින්ම ඔයාලට ඒවා ලැබේවි.

No comments:

Powered by Blogger.