Sunday, May 11 2025

WA1

වින්ඩෝස් පවුලේ අලුත් සාමාජිකයා.


හොදයි මේ දවස්වල අලුත්ම කතාවනේ වින්ඩෝස් 10.එහෙම නේද?කලින් කතාවක් තිබුණනේ වින්ඩොස් 9 ගැන.ඒ වුණාට දැන් 9 නැතිව 10 එනව කියලා තමයි කියන්නෙ.ඒ හින්දා අපි දැන් 9 ගැන කතාකරන්නෙ නැතිව 10 ගැන කතාකරමු.


වින්ඩෝස් 10 හි ස්ටාට් මෙනුව
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ ස්ටාට් මෙනුව මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂ අංගයක්.මොකද කලින් ආපු මෙහෙයුම් පද්ධතිවල ස්ටාට් මෙනු එකට වඩා වින්ඩෝස් 10 හි ස්ටාට් මෙනුව වෙනස්.මේක ගොඩක් වින්ඩෝස් 7 හි ස්ටාට් මෙනුව සහ වින්ඩෝස් 8හි ස්ටාට් මෙනුව සමග මිශ්‍රවෙලා  ආපු එකක් වගෙයි පේන්නෙ.මොකද වින්ඩෝස් 8 හි ස්ටාට් මෙනුවෙ තියන ටයිල් ඉන්ටෆේස් එක ටිකක් විතර මේකෙත් තියනවා.වින්ඩොස් 10හි ස්ටාට් මෙනුව ගොඩක් විස්තරාත්මක ලෙස සකසා තියනවා.පහත රූපය බැලුවාම ඔයාලට ඒක අවබෝධ වේවි.
 වින්ඩෝස් 10 වල විශේෂතා ගොඩක් තියනවා.මෙතන දැක්වූවේ වින්ඩෝස් 10 ස්ටාට් මෙනු එක ගැන විතරයි.ඔයාලට පුලුවන් මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් වින්ඩෝස් 10 ප්‍රීවීව් එක ඩවුන්ලෝඩ් කරගන්න.ඒ වගේම වින්ඩෝස් 10 transformation පැක් එක වගේම තීම් පැක් එකකුත් තියනවා.ඔයාලත් දාගෙන බලන්නකෝ.
ඔයාලා වින්ඩෝස් 10 ප්‍රීවීව් එක ඩවුන්ලෝඩ් කරනවානම් මෙතන ක්ලික් කරන්න.
ඔයාලා වින්ඩෝස් 10 ට්‍රාන්ස්ෆෝමන් පැක් එක හා තීම් පැක් එක ඩවුන්ලෝඩ් කරනවා නම් මෙතන ක්ලික් කරන්න.


No comments:

Powered by Blogger.