WA1

ඉතිහාස කතාවක්!!!!!!!!!!!!!!!!!!!!!

හොදයි ගොඩ කාලෙකින් තමා අලුත් පෝස්ට් එකක් දැම්මෙ.අද මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ටෙල් ප්‍රොසෙසරයේ ඉතිහාසය ගැන.
4004 Microprocessor
මේ තමා ඉන්ටෙල් සමාගමේ පළමු ප්‍රොසෙසරය.මෙය නිපද වූයේ 1971 වසරේ දීයි.Busicom නම් ඝනක යන්ත්‍රයේදී (calculator) තමයි මෙය භාවිතා වුණේ.4bit ප්‍රොසෙසරයක් වූ මෙහි වේගය 740KHz වුණා.
මෙහි අඩංගු වූ ට්‍රාන්සිස්ටර ගණන 2300ක්.

8008 Microprocessor
මේක 4004 ප්‍රොසෙසරය වගේ දෙගුණයක් වේගවත් ප්‍රොසෙසරයක්.මේක නිපදවූවේ 1972 වසරේදීයි.මෙය Mark-8 නම් මුල්කාලීන ගෘහස්ථ පරිගණකය සදහා යොදාගෙන තිබුණා.මෙම ප්‍රොසෙසරයේ අඩංගු වී ඇති ට්‍රාන්සිස්ටර් ගණන 3500ක්.

8080 Microprocessor
Altair තමා ලොකයේ පළමු පුද්ගල පරිගණකය වුණේ.එම Altair පරිගණකයේ ප්‍රොසෙසරය වුණේ මේ 8008 ප්‍රොසෙසරය.මෙය නිපදවූයේ 1974 වර්ෂයේදීයි.මෙම පරිගණකය ඩොලර් 395 කට විකිණිලා තියනවා.Altair පරිගණකය සමග ජනප්‍රිය වෙච්ච මේ ප්‍රොසෙසරයේ අඩංගු වුණු ට්‍රාන්සිස්ටර ගණන 6000ක්.

1978 වසරේදී නිපදවූ 8080 ප්‍රොසෙසරය
පළමු IBM PC පරිගණක සදහා මෙම ප්‍රොසෙසරය යොදා ගත්තා.ඉතා වේගයෙන් ජනප්‍රිය වූ මේ ප්‍රොසෙසරය නිසා ඉන්ටෙල් සමාගමට හුගක් ජනප්‍රිය වෙන්න පුලුවන් වුණා.මෙම ප්‍රොසෙසරයට ට්‍රාන්සිස්ටර් 29000ක් ඇතුළත් වුණා.

286 Microprocessor
80286 ලෙස හැදින්වූ මේ ප්‍රොසෙසරය නිකුත් වූයේ 1982 වසරේදීයි.මෙය මීට පෙර පැමිණි ඉන්ටෙල් ප්‍රොසෙසර සදහා ලියූ පරිගණක වැඩසටහන් පවා ධාවනය කළ හැකි ප්‍රොසෙසරයක්.මේ ප්‍රොසෙසරය නිකුත් කරලා අවුරුදු 6ක් ගිය විට 286 පාදක වුණු පුද්ගල පරිගණක මිලියන 15ක් ලොවපුරා තිබුණා.මෙහි අඩංගු ට්‍රාන්සිස්ටර් ගණන 134000ක්.

386 Microprocessor

මෙය නිපදවූයේ 1985 වසරේදීයි.32bit ප්‍රොසෙසරයක් වූ මෙය multi tasking හැකියාවෙන් යුක්ත වූ ප්‍රොසෙසරයක්.මෙහි ට්‍රාන්සිස්ටර් 275000ක් අඩංගු වුණා.

486 DX Processor


මෙය 1989 වසරේදී නිපදවූවා.ග්‍රැෆික් සහිත පරිගණක මෙහෙයුම් පද්ධති සදහා සහය දැක්වූ මෙම ප්‍රොසෙසරයට ගණිත කර්ම සදහා වූ math coprocessor නම් චිපයක් අඩංගු වුණා.මේ නිසා මේ ප්‍රොසෙසරයේ වේගය ඉතා වැඩි වුණා.මෙහි ට්‍රාන්සිස්ටර් මිලියන 1.2ක් ඇතුළත් වුණා.

Intel Pentium Processor

මෙය නිකුත් වූයේ 1993 වසරේ දීයි.මල්ටිමීඩියා සහය ඇතිව පැමිණි පළමු ප්‍රොසෙසරය වූ මේ ප්‍රොසෙසරය ලොව පුරා ජනප්‍රිය වදනක් බවට පත්වුණා.මෙහි ට්‍රාන්සිස්ටර මිලියන 3.1 ක් ඇතුළත් වුණා.

Intel Pentium II Processor

මෙය නිපද වූයේ 1997 වසරේදීයි.මල්ටිමීඩියා කටයුතු සදහා MMX තාක්ෂණය සමග මෙම ප්‍රොසෙසරය හදුන්වා දුන්නා.කාට්රිජයක ආකාරයෙන් පැමිණි සවිකිරීමට පැමිණි මේ ප්‍රොසෙසරයේ අධිවේගී cache මතක චිපයක්ද ඇතුළත් වුණා.මෙහි ට්‍රාන්සිස්ටර මිලියන 7.5ක් ඇතුළත් වුණා.

Intel Pentium III Processor


  මෙය 1999 වසරේදී නිකුත් වුණා.අන්තර්ජාල හා බහුමාධ්‍ය කටයුතු සදහා නව උපදෙස් 70ක් මේ සමග ඇතුළත් වුණා.මයික්‍රෝන 0.25 තාක්ෂණය සමග නිපදවූ මෙහි ට්‍රාන්සිස්ටර මිලියන 9.5 ක් අඩංගු වුණා.

Intel Pentium 4 HT



 මෙය 2002 වසරේ හදුන්වා දෙනු ලැබූවක්.2000 වසරේදී පෙන්ටියම් 4 හදුන්වා දුන් පසු Hyper-Threading(HT) මෙය හදුන්වා දෙනු ලැබූවා.මෙහි වේගය 3.06KHz වුණා.මෙය හදුන්වා දුන් කාලයේ මෙය ආශ්චර්යයක් ලෙස පිළිගැණුනා.

2005 වසරේ සිට කරළියට ආ Intel core ප්‍රොසෙසර වර්ග.
2005 වසරේ ඩුවෙල් කෝර් ප්‍රොසෙසර හදුන්වා දුන්නා.මේවායේ ප්‍රොසෙසර චිප් 2කට වැඩි ගණනක් ඇතුළත් වූවා.core 2 duo ප්‍රොසෙසරයට පසුව core i3,i5,i7,Sandy Bridge,Ivy Bridge යන ප්‍රොසෙසර්ද හදුන්වා දෙනු ලැබුවා.

හොදයි එහෙනම් මම ගියා.තවත් පරිගණක ලිපියකින් යළිත් හමුවෙමු.ඔයාලා හැම දෙනාටම සුබම සුබ දවසක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!





No comments:

Powered by Blogger.