WA1

Hacking යනු........


හොදයි ගොඩ කාලෙකින් බ්ලොග් එකට අලුත් ලිපියක් දාන්න බැරි වුණා.මං හිතන්නේ මාසෙකින් විතර.කමක් නෑ.ඔන්න අද මේ ලිපියෙන් කියල දෙන්න යන්නෙ මොකක්ද මේ හැක් කරනවා කියන්නෙ කියලා.
හැක් කිරීමක් ලෙස සරලව හදුන්වන්නේ පරිගණකයකට හෝ පරිගණක පද්ධතියකට හෝ පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුල් වීමයි.
මේ හැකර්කරුවන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 2කට බෙදෙනවා.
1 – White Hat Hacker - ඇත්තම කිවුවොත් මෙයාලා තමා පරිගණක හා පරිගණක ජාල ආරක්ෂකයන්ගේ ප්‍රධාන අය.මෙයාලා හැම තිස්සෙම තමාගේ ආයතනයේ පරිගණකවල ආරක්ෂාව සදහා කටයුතු කරන අය.මෙයාලා අනෙක් පරිගණක වලට ඇතුල් වෙන්නේ අත්‍යාවශ්‍යම කරුණකට පමණයි.මෙයාලා හැම වෙලාවෙම හානිකරන හැකර්වරුන්ගෙන් පරිගණක ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා.
2 - Black Hat Hacker - මෙයාලා ජීවත් වන්නේ සැගවිලා ඉදගෙන.මෙයාලා තමා හානිකර වැඩ වලට හැකින් කියල දේ පාවිච්චි කරන්නෙ.
(කියන්න අමතක වුණා.තව Gray Hat Hacker කියලා කාණ්ඩයකුත් ඉන්නවා.මෙයාලා කලින් කිවුව වර්ග 2ම එකතුවක්.මේගොල්ලෝ හුගක් වෙලාවට පොඩි මුදලකට පරිගණක ජාල වල අනාරක්ෂිත තැන් අලුත්වැඩියා කරනවා.)
හැකර්කරුවෙකුගේ මූලික හැකියාවන්.
පරිගණක භාෂා 1ක් හෝ වැඩි ගණනක් හැසිරවීමේ හැකියාව තිබීම(විශේෂයෙන් C/C++/Python)
පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීමට හැකි වීම
Unix දැන සිටීම
Command Line එකේ වැඩ කිරීමට හැකි වීම
ඉංග්‍රීසි ප්‍රෙයා්ජනවත් තරමකට ලිවීමට හා තේරුම් ගැනීමට හැකිවීම.
හොදයි අදට ලිපිය ඉවරායි!!!!!!!!
එහෙනං අපි ගියා...............

(රූ පරිගණක සගරාව හා pclokayaa.blogspot.com ඇසුරෙනි)

No comments:

Powered by Blogger.