WA1

ඔබත් USB Drive Safety Remove කරන්නේ නැද්ද?


හොදයි ඔන්න අදත් අලුත් ලිපියකින් කියල දෙන්න යන්නෙ අපේ ගොඩාක් පරිගණක පාවිච්චි කරන කට්ටිය කරන වැරැද්දක් පිළිබදව.අපි ගොඩක් අය USB Flash Drive/Pen drive/USB External Drive පරිගණකයට සම්බන්ධ කළාට පස්සෙ ඒවා පරිගණකයෙන් ඉවත් කරන්න හදනකොට පහල taskbar එකේ තියන Safety Remove option එක සක්‍රීය කරන්නෙ නැතුව නිකන්ම ඒවා පරිගණකයෙන් ඉවත් කරනවා.මේක සමහර අය නොදැනුවත්කම නිසා නොකර ඉන්නව,තව සමහර අය දැනුවත්ව මග අරිනව,තව සමහර කාලය වැය කරන්න කැමති නැති නිසා මේක මග අරිනව.ඔය වගේ ගොඩාක් හේතු තියනව.ඒක නොකළොත් අත්වෙන ප්‍රතිඵල ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

මේ වගේ USB උපාංග ක්‍රියා කරන්නෙ විදුලියෙන්.ඒ නිසා ඒවා පරිගණකයට සම්බන්ධ කළාම පරිගණකයේ USB Port එක හරහා USB උපාංගයට විදුලිය සැපයෙනවා.ඒ නිසා USB උපාංගය වැඩ කරනවා.ඒ නිසා අපි එක පාර USB එක පරිගණකයෙන් ගලවන කොට මොකක් හරි වෙලා විදුලිය කාන්දු උනොත් USB එකට හරි අපේ පරිගණකයට හරි හානියක් වෙන්න පුලුවන්.

ඒ වගේම පරිගණකයෙන් USB උපාංගයට යමක් copy කරන කොට USB එක ගැලෙව්වොත් ඒකෙ දත්ත වලට හානි වෙනව.ඒ බව ඔයාලා දන්නව ඇතිනෙ.ඒ වුණත් එහෙම නොවෙන වෙලාවලට වුණත් පරිගණකය හා USB එක අතර දත්ත හුවමාරු අපට නොපෙනී සිදුවෙන්න පුලුවන්.ඒ වෙලාවටත් USB එක Safety Remove නොකළොත් USB එකේ වගේම පරිගණකයේ තියන දත්ත වලට හානි වෙන්නත් පුලුවන්.

USB එක ආරක්ෂිතව පරිගණකයෙන් විසන්ධි කරන්න පුලුවන් ක්‍රම 2ක් තියනවා.
1 - ක්‍රමය
********Task Bar ඒකේ Notification Area හි Safety Remove Hardware හරහා USB උපාංගය තෝරා ගෙන USB එක විසන්ධි කිරීම.

2 - ක්‍රමය
******** My Computer තුළින් USB එක තෝරාගෙන Right Click කර එන Menu එකෙන් Eject Option එක ලබා දීම.

හොදයි USB Drive එක Safety Remove නොකිරීම නිසා සිදුවන හානිය ගැන අපි ඔයාලා දැනුවත් කළා.ඒ නිසා කොච්චර කාර්යබහුල වුණත් USB Drive එක Safety Remove නොකර පරිගණකයෙන් ඉවත් කරන්න අමතක කරන්න එපා.

එහෙනං අපි ගියා........
තවත් ලිපියකින් යළිත් හමුවෙමු.....
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.