WA1

EMOJI සෙල්ලං........


Email/SMS/Facebook Chat/Forum වගේ සයිට් වලින් අපි පණිවිඩ(මැසේජ්)යවන කොට හැගීම් ප්‍රකාශ කරන පොඩි පොඩි රූප/අයිකන් තමා ඉමෝජි කියලා හදුන්වන්නේ.මෙන්න මේ ඉමෝජි social network වගේ තැන්වල වැඩි වශයෙන් භාවිතා කිරීමේ වැඩිවීමක් තියනවා කියල http://emojipedia.org/ වෙබ් අඩවිය පසුගියදා වාර්තාවක් නිකුත් කළා.එයාලා කියලා තිබුණේ අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් අය පාවිච්චි කරන ගොඩක් අය අලුත් භාෂාව මේ ඉමෝජි කියලා.ඒ කියන්නෙ ඒ තැනැත්තාගෙ මවුභාෂා/සන්ධාන භාෂා භාවිත කරනවාට වඩා ඉමෝජි එක්කර අදහස් ප්‍රකාශ කිරීම වඩාත් පහසු හා ප්‍රසිද්ධ වෙලා ඇති බවයි.

ඉමෝජි කියන්නේ අපේ තියන හැගීම් ඒ කියන්නෙ සතුට/දුක/කම්මැලිකම/පුදුමය/කේන්තිය වගේ දේවල් පෙන්වන විදිහට ඇදපු pictograph එකක්.මේ ඉමෝජි මුලින්ම භාවිත කරල තියෙන්නේ ජපානයේ සෙල්ෆෝන් සන්නිවේදන සේවා සපයන ආයතනය.ඒ ඉක්මනින් හා පහසුවෙන් පණිවිඩ යවන්න පුලුවන් ක්‍රමයක් විදිහට.මේ ඉමෝජි පණිවිඩ ඉතාමත් කුඩා නිසා දුරකතන ජාල වල තදබදය(traffic)එකත් අඩුකරගන්න පුලුවන් වුණා.
ජපානයෙන් ඔබ්බට ඉමෝජි අයිකන් ප්‍රසිද්ධ වුණේ 2011 අවුරුද්දෙ ආපු ඇපල් ios5 operating system එකත් එක්ක ඉමෝජි යතුරු පුවරුවක් ලබා දීම නිසා.ඒ වගේම ඉමෝජි යුනිකෝඩ් ක්‍රමයටත් ප්‍රමිතිගත කළා.ඒ නිසා ඇපල් අයිෆෝන් වලින් යවන ඉමෝජි එකක් වෙනත් උපාංග වලත් කිසිම බාධාවකින් තොරව හරියටම පරිවර්තනය වී පෙන්වූවා.දැනට යුනිකෝඩ් 6.0 යටතේ විවිධ ඉමෝජි 722 ක් ප්‍රමිතිගත කරලා තියනවා.
ඒ කියන්නෙ මේ අලුත් භාෂාවට වාක්‍ය 700කට වඩා තියනවා කියන එකයි.

මේ ඉමෝජි දැන් දැන් ප්‍රසිද්ධ වෙමින් පවතින නිසා අපි කවුරුත් දන්න මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 8 ඉමෝජි වලට සහය දක්වන විදිහට සකසලා තියනවා.දැන් ඉන් එහාට ගිහින් අලුත් වින්ඩෝස් 10 එක්ක වින්ඩෝස් ඉමෝජි රූප ගණනාවක් එක් කරලා තියනවා.

ඔන්ලයින් බැන්කු කටයුතු සදහා පාවිච්චි කරන ඉලක්කම් 4කින් යුතු පින්කෝඩ් වෙනුවට ඉමෝජි 4කින් යුතු ඉමෝජි පාස්කෝඩ් එකක් පාවිච්චි කරන්න පුලුවන් බව බ්‍රිතාන්‍යෙය් intelligent environment සමාගම පෙන්වා දීලා තියනවා.පසුගිය ජූනි 15 වැනිදා මේ සමාගම ප්‍රකාශ කළේ ඉමෝජි 44කින් යුතු මේ ඉමෝජි පාස්කෝඩ් ක්‍රමය පාවිච්චි කරන්න මූල්‍ය ආයතන ගණනාවක් කැමැත්ත පළකරලා තියන බවයි.

දැනට තියන පින්කෝඩ් එකට පාවිච්චි කරන්නෙ 0-9 දක්වා තියන ඉලක්කම් 10යි.ඒ නිසා ඉමෝජි 44කින් 4ක් යොදා ගන්න පුලුවන් නිසා පින්කෝඩ් එකක් තරම් පහසුවෙන් ඉමෝජි පාස්කෝඩ් එකක් අනුමාන කරන්න පිටස්තර අයෙකුට බැහැ.අනෙක් අතට ඉලක්කම් වලට වඩා පහසුවෙන් ඉමෝජි මතක තියා ගන්න පුලුවන් නිසා මේක පාවිච්චි කරන්න හරිම පහසුයි.

හරී.........එහෙනං අදට ලිපිය ඉවරායි........මේ වගේ අලුත් පරිගණක පුවතක් ලැබුණ ගමන් මම ඉක්මනටම අපේ බ්ලොග් එකේ ඒ ගැන පළකරනවා....ඒ නිසා දිගටම බ්ලොග් එකත් එක්ක රැදිලා ඉන්න.අලුත් ලිපියක් දානකන් කමෙන්ට් එකක් එහෙම දාලා යාලුවන්ටත් බලන්න පොඩි ෂෙයාර් පාරකුත් දෙන්න.
එහෙනං අපි ගියා.......ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!!!!!

(විජය පරිගණක සගරාව ඇසුරෙනි)

No comments:

Powered by Blogger.