WA1

නොමිලේ බඩු ගෙන්නන්න ඔයාත් කැමතිද? part-1

ඕන්න ඉතින් අදත් අලුත් ලිපියකින් සුපිරි වැඩක් ගැන කියන්න තමා යන්නේ.ඇත්තම කිවුවොත් ඉන්ටනෙට් එකෙන් නොමිලේ බඩු ගෙන්නන්න.කතාව ඇහුව ගමන් ඔයාලා කියාවි බොරු දාන්නෙ නැතුව ඉදපිය කියලා.ඇත්තම කිවුවොත් බොරුවක් නෙවේ.මම බඩු ගෙන්නලා අත්හදා බලලා 100%ක් සාර්ථක ප්‍රතිඵල ඇතුවයි මේ කියන්නේ.ඔහොම කිවුවට පිළිගන්න එකක් නෑ.බලන්නකෝ මම ගෙන්නපු දේ.

ඇත්තම කිවුවොත් පොඩි පොතක් තමා ගෙන්නුවේ.මොකද මේ සයිට් එකේ ගොඩාක් තියෙන්නෙ පරණ,පාවිච්චි කරපු බඩු.නිකන් කුණු ගොඩවල් වගේ තමා.ඒ වුණාට අලුත් වටිනා දේවලුත් ගොඩාක් තියනවා.ෆෝන් වගේ දේවල් එහෙම.හරී මොනා වුණත් අපි දැන් වැඩේ පටාන් ගමු.මුලින්ම පහළින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
Register
හරී දැන් ඉතින් රෙජිස්ටර් වුණාණේ.දැන් ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට ඔයාට ක්‍රෙඩිට් 1000ක් ලැබිලා ඇති.ඒක ඇහුව ගමන් ඔයා අහයි මොනවද මේ ක්‍රෙඩිට් කියන්නෙ කියලා.හොදයි.මේ ක්‍රෙඩිට් මත තමා හැම දෙයක්ම රදා පවතින්නේ.මේ සයිට් එකේ පාවිච්චි වෙන මුදල් වර්ගය තමා ක්‍රෙඩිට්.මේ ක්‍රෙඩිට් එකතු කර ගත්තොත් මේ ක්‍රෙඩිට් වලින් ගෙවලා බඩු ගෙන්නන්න පුලුවන්.මේ ක්‍රෙඩිට් නොමිලේ හොයා ගන්න පුලුවන්.ඒකට ඉතින් පොඩි පොඩි වැඩ කීපයක් කරන්න ඕනි.(මම පොඩි වැඩ ටික තව ටිකකින් කියන්නම්.මොකද තාම කතාව ඉවර නෑ)
හරි.මේ සයිට් එකේ බඩු ගන්න තියෙන්නේ බිඩ් කරලා.ඒ කියන්නේ වෙන්දේසි කරලා.මේ සයිට් එකේ එක එක අලෙවි කරුවෝ හෙවත් සේලර්ස් ලා ඉන්නවා.අපිටත් පුලුවන් මේ වගේ අලෙවි කරුවෙක් වෙන්න.මොකද ඒක අත්‍යාවශ්‍යයි අපේ ක්‍රෙඩිට් හොයන වැඩේට.

අපි කොහොමද මේ ක්‍රෙඩිට් හොයා ගන්නේ?

ඇත්තම කිවුවොත් මේ ක්‍රෙඩිට් හොයන වැඩේ හරි ලේසියි.පොඩ්ඩක් පහළ තියන ෆොටෝ එක බලන්න.

ඔය ෆොටෝ එක මං රතු පාටින් රවුම් කරලා තියන බට්න් එක ඔබලා ගියාට පස්සේ එතනින් කියන වැඩ ටික කළාම ඔයාට ක්‍රෙඩිට්ස් හොයා ගන්න පුලුවන්.ඒ හින්දා එතනින් ක්‍රෙඩිට්ස් හොයා ගන්න වැඩේ අමාරු වෙන්නෙ නෑ.ඒ වගේම ඔයාට රෙෆීලියර්ස්ලා කීප දෙනෙකුත් හොයා ගත්තොත් තවත් ක්‍රෙඩිට්ස් වැඩි වේවි.ඒ වගේම ෆේස්බුක්/ට්විටර් වගේ සයිට් වල මේ සයිට් එක ෂෙයා කරපු ගමන් සමහර විට ක්‍රෙඩිට් 3000/4000 එන අවස්ථාත් තියනවා.

අපි කොහොමද මේකෙ යම් බඩුවක් විකුණන්නේ?

මම දැන් පහළ දාලා තියන ෆොටෝ එක බලන්න.

ඔය පින්තූරෙ මම රතු පාටින් රවුම් කරලා තියන තැන ඔබලා ගියාම මෙන්න මේ වගේ ෆෝම් එකක් එනවා.

හරි දැන් ඔතන තියන title කියන තැනට ඔයා විකුණන බඩුවට මාතෘකාවක් දෙන්න.

category වලින් ඔයා විකුණන බඩුව අයත් වන category එක තෝරන්න.

photo එකට ඔයා විකුණන බඩුවේ පින්තූරයක් දාන්න.

description එකට ඔයා විකුණන බඩුවේ විස්තරයක් දාන්න.

listing type කියන තැනින් auction කියන එක හෝ fixed price කියන තැනින් කැමති එකක් තොරන්න.

auction කියන්නෙ ඔයා මේක වෙන්දේසියෙ දාලා විකුණනවා කියන එක.ඒ කියන්නෙ බිඩ් කරලා වැඩිම ක්‍රෙඩිට් ගාණක් බිඩ් කරන කෙනාට තමයි ඔයාගෙ බඩුව ලැබෙන්න ඕනි.

fixed price කියන්නෙ ඔයා මේක වෙන්දේසියෙ දාන්නෙ නැතුව කෙලින්ම විකුනනවා කියන එක.ඒ කියන්නේ ඔයා නියම කරන ක්‍රෙඩිට් ගාණ ගෙවලා ගන්න කෙනාට ඔයා විකුණන දේ ලැබෙනවා.

auction කියන එක තේරුවොත් යටින් තියනවා show advanced option කියලා ඔප්ෂන් එකක්.ඒක ක්ලික් කලාම මේ වගේ එකක් එයි.

ඔතන start bid කියන තැන ඔයාගෙ බඩුව වෙන්දේසි කරන්න පටන් ගන්න කොට තිබිය යුතු අවමය ක්‍රෙඩිට් ගාණ දාන්න ඕනි.

get it now කියන ඔප්ෂන් එකෙන් පුලුවන් ඔයාගෙ බඩුව එවෙලෙම ගෙවල ගන්න පුලුවන් බඩුවක් බවට පත් කරන්න.

# of days කියන තැන ඔයාගෙ බඩුව වෙන්දේසි කරන්න පුලුවන් කාලය යොදන්න පුලුවන්.

delivery කියන තැනත් ඔප්ෂන් 2ක් තියනවා shipping and pickupසහ digital delivery කියලා.shipping and pickup තෝර ගත්තොත් ඔයා බඩුව ෂිප් කරන්න ඒ කියන්නේ තැපැල් කරලා නැවට දාන්න ඕනි.එතන තියන ඔප්ෂන් හරහා ඔයාට ඕනි නං නැවට දාන්න මුදලක් බඩුව මිලදී ගත්ත කෙනාගෙන් අය කරගන්න පුලුවන්.නැත්තන් ඔයාගෙ මුදලින් කරනවා නං free shipping දෙන්න.digital delivery තේරුවොත් ඔයාට බඩුව(ඒ කියන්නේ අන්තර්ජාලය හරහා හුවමාරු වන දේවල් වලට තමා මේ ඔප්ෂන් එක දෙන්න පුලුවන්.software/games/bitcoin වගේ දේවල් තමා)ඊමේල් කරන්නත් පුලුවනි.

ඊට පස්සේ තියෙන්නේ submit කියන බොත්තම ඔබන එක තමා...

හරී...අද ඉතින් ඔයාලාට ගොඩාක් දේවල් මේ සයිට් එක ගැන කිවුවො.ඊළග ලිපියෙන් කියල දෙන්නම් කොහොමද බඩුවක් නිවැරදිව බිඩ් කරලා දිනලා ගෙන්න ගන්නේ කියලා..

තව දෙයක් කියන්න ඕනි මේක මට කිවුවෙ Chinthaka Pradeep කියල අයිය කෙනෙක් එයාට මම ස්තූතිවන්ත වෙනව!!!

එහෙනං අපි ගියා...ගැටලු තියනවා නං කමෙන්ට් එකක් දාන්න....

ඒත් එක්කම යාලුවන්ටත් බලන්න මේ ලිපියට පොඩි ෂෙයා පාරකුත් දෙන්නකෝ.....
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

2015.11.18 UPDATE
යාලුවනේ ඔයාල මේකෙ බඩු විකුණනකොට කවදාවත් SOFTWARE & GAMES වගේ ඒව විකුණන්න එපා...ඒවා Email කරන්න හෝ Download Link එකක් ගන්න කෙනාට දෙන්න හිතාගෙන...එහෙම කළාම ඔයාගෙ Account Suspend වෙනවා.ඒ කියන්නෙ ඔයාගෙ එකවුන්ට් එක අවලංගු වෙනවා...මාත් ඒක දැනගත්තෙ පස්සේ...මොකද මගේ එකවුන්ට් 3ක් විතර එහෙම කරල Suspend වුණා...ඒ නිසා ඔයාලා කීයටවත් SOFTWARE & GAMES විකුණන්න දාන්න එපා...

2 comments:

  1. bro oya monada meeken gennapu wena goods....book ekata amatharawa

    ReplyDelete
    Replies
    1. ළගදි නං මොකුත් ගෙන්නන්න බැරි උනා...ක්‍රෙඩිට් ටික ඉවර වෙලා නිසා...get well cards,පරණ කාසි වගේ ඒව තමයි ගෙන්නුවෙ.ළගදි මගේ යාලුවෙක් මෙකෙන් iphone 4s එකකුත් ගෙන්නල තිබුනා.

      Delete

Powered by Blogger.