WA1

පෙන්ඩ්‍රයිව් එක ආරක්ෂා කරගන්න බැරිවද ඉන්නේ?......මෙන්න විසදුම...........


අද 2015.03.01 වැනිදා.ලිපිය ලියන්න පටන් ගනිද්දිම දිනය කිවුවෙ අද ටිකක් විශේෂ දවසක්.මොකද මගේ Best Friend පමෝද් ෂෙහාන්ගෙ Birth Day එක අද.ඉතින් එයාට සුබම සුබ උපන්දිනයක් වේවා!!! කියල ප්‍රාර්ථනා කරන ගමන්ම අද මම සුපිරි සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.
හුගක් අයට තියන ගැටලුවක් තමා තමාගෙ පෙන්ඩ්‍රයිව් එක නැති වුණොත් ඒකෙ තියන දත්ත හම්බ වෙච්ච කෙනාට අහුවෙයි කියන බය.ගොඩක් වෙලාවට හුගක් පෞද්ගලික තොරතුරු තියන පෙන්ඩ්‍රයිව් එකක් නැති වුණොත් එහෙම විනාසයිනේ.අන්න ඒකට හොදම විසදුම තමා මේ මෘදුකාංගය.
මේ මෘදුකාංගයෙන් වෙන්නෙ පෙන්ඩ්‍රයිව් එකට මේ මෘදුකාංගයෙන් ආරක්ෂාව දැම්මට පස්සෙ පෙන්ඩ්‍රයිව් එක පාවිච්චි කරන සෑම වාරයක් පාසාම ලොග් සටහනක් සැකසෙනවා.මෙම ලොග් සටහන මෙම මෘදුකාංගයේ වෙබ් අඩවිය මගින් ලබා ගන්න පුලුවන්.ඒ ලොග් සටහනේ පෙන්ඩ්‍රයිව් එක භාවිතා කරන පරිගණකයේ ip ලිපිනය,ප්‍රොසෙසර් අංකය,මෙහෙයුම් පද්ධතිය,යූසර් එකවුන්ට් එකේ නම ආදී හැම විස්තරයක් ම තියෙනවා.නැති වුණු පෙන්ඩ්‍රයිව් එක වෙන කෙනෙක් අතට ගිහින් නම් ඒ කෙනා ගැන තොරතුරු හොයාගන්න මේක භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම නැති වුණු පෙන්ඩ්‍රයිව් එකේ තියන දත්ත දුරස්ථ ක්‍රමයකට නැති කරල දාන්නත් පුලුවන්.හරි.........එහෙනං වැඩි කතා ඕනි නැහැනේ........පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download
හරී...........එහෙනං අපි ගියා............අලුත් ලිපියකින් ආයෙත් හම්බ වෙමුකෝ..........
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.