WA1

පෙන්ඩ්‍රයිව් එක කොම්පියුටරයක් වෙලා.



පරිගණකයක් පාවිච්චි කරන හැම කෙනෙක් ළගම අඩුගාණෙ 4GB පෙන්ඩ්‍රයිව් එකක්වත් තියනවා.ඒ තරමට පෙන්ඩ්‍රයිව් එක ලෝකයේ ප්‍රසිද්ධ වෙලා.හැබැයි මේ පෙන්ඩ්‍රයිව් එක කොම්පියුටරයක් විදිහට සකස් කරන්න අපි කවුරුත් දන්න ඉන්ටෙල් සමාගම සමත්වෙලා තියනවා.

මේ කොම්පියුටරය පෙන්ඩ්‍රයිව් එක වගේ මොනිටරයකට හරි එච්ඩී ටීවී එකකට සම්බන්ධ කරන්න පුලුවන්.මේක නම් කරලා තියෙන්නේ ඉන්ටෙල් කොම්පියුට් ස්ටික් නමින්.මේකට ඉන්ස්ටෝල් කරල තියන මෙහෙයුම් පද්ධතිය තමා වින්ඩෝස් 8.1.අවශ්‍ය නම් ලිනක්ස් වර්ග වුණත් ඉන්ස්ටෝල් කරගත හැකියි.මේ පෙන්ඩ්‍රයිව් කොම්පියුටරය අගල් 4ක් පමණ දිගයි.මෙහි ඇති ප්‍රොසෙසරය quad core intel atom වර්ගයේ එකක්.මේකේ රැම් මතකය 2GB ක් වෙනවා.හාඩ් ඩිස්ක් එක 32GB ක ධාරිතාවයකින් යුක්තයි.මේකෙ මයික්‍රෝ එස්ඩී කාඩ් ස්ලොට් එහෙමත් තියනවා.වයිෆයි බ්ලූටූත් පහසුකමුත් ලබා ගන්න පුලුවන්.

හොදයි එහෙනම් මම දැන් යනවා.මේ වගේ අලුත් ලිපියකින් යළිත් හමුවෙමු.ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.