WA1

බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර සල්ලි හොයමු.









ඔන්න අද ගෙනාව සල්ලි ලැබෙන ක්‍රමයක් ගැන ලිපියක්.මේ ලිපියෙන් කියවෙන්නෙ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර මුදල් උපයාගත හැකි තවත් සේවාවක් ගැන.
මේ සේවය නම් කරන්නෙ Bidvertiser නමින්.මේක Pay Per Click වර්ගයේ එනම් PPC වර්ගයේ සේවාවක්. Bidvertiser දැන්වීම් වැඩිපුර ජනප්‍රිය අපි වගේ බ්ලොගර්ස් ලා අතරෙයි.මෙහි තියන එක විශේෂත්වයක් වන්නේ බ්ලොග් එක හෝ වෙබ් එක ලියවෙන භාෂාව වගේම බ්ලොග් එකට හෝ වෙබ් එකට යන එන පිරිසගේ ප්‍රමාණය ගැන Bidvertiser සේවාව සලකන්නේ නැහැ.අපි දන්නවා බ්ලොග් අඩවිය හෝ වෙබ් අඩවිය සිංහල බසින් තිබෙන කොට ගූගල් ඇඩ්සෙන්ස් වගේ සේවාවක් අපිට ලබා ගන්න බැහැ.
මේ වගේ සේවා වලින් ඇඩ් තමාගේ බ්ලොග් එකට හෝ වෙබ් එකට එකතු කරගන්න කලින් හැමෝම අහන දෙයක් තමා එක ක්ලික් එකකට කොපමණ මුදලක් ගෙවනවාද යන්න.සාමාන්‍යයෙන්  එක ක්ලික් එකකට ඩොලර් 0.05 සිට ඩොලර් 0.30 දක්වා වගේ මුදලක් Bidvertiser සමාගම ගෙවනු ලබනවා.සමහර විට මේ මුදල ඩොලර් 1 හෝ 2 බවට පත් වන්නත් පුලුවන්.ඒකට හේතුව ඔයාගේ බ්ලොග් එකේ හෝ වෙබ් එකේ තියන ඇඩ් එක ක්ලික් කරන කෙනා ඉන්න රටයි.USK,UK,කැනඩා වගේ රටවලින් ලැබෙන ක්ලික්ස් වලට වැඩිපුර මුදල් ලැබෙනවා.
Bidvertiser මගින් ඔයා උපයපු මුදල් ලබා ගැනීමට ක්‍රම කීපයක්ම තියනවා.Cheque එකක් විදියට Money Bookers, Western Union හරහා හෝ wire transfer එකක් හරි ඔබේ PayPal ගිණුමට ලබා ගන්න පුලුවන්.මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඔයාලට පහළින් පුලුවන්.
Register

 එහෙනම් මම ගියා.තවත් ලිපියකින් යළිත් හමුවෙමු.

No comments:

Powered by Blogger.