WA1

බ්ලොගර් පාඩම - number of pageviews ගැජට් එක දාන හැටි.

හොදයි...අපේ බ්ලොග් කරන යාලුවෙක් මගෙන් ඇහුවා කොහොමද අපේ බ්ලොග් එකට එන අය ගණනය කරන(ආගිය ගණන දැක්වෙන)number of page views ගැජට් එක දාන්නෙ කියල.මම අද කියන්නෙ අන්න ඒ ගැජට් එක දාන හැටි.මේක අපිට බ්ලොගර් සමාගමෙන්ම ලබාදෙන බොහොම ලේසියෙන් බ්ලොග් එකට දාගන්න පුලුවන් ගැජට් එකක්.අපි බලමු මෙක කොහොමද බ්ලොග් එකට දාගන්නෙ කියල.හරි.දැන් ඔයාගෙ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්නකෝ.
දැන් Layout > Add Gadget වලට යන්නකෝ.Add Gadget කියන එක ක්ලික් කළාම එන වින්ඩෝ එකේ තියනනේ බ්ලොග් එකට දාන්න පුලුවන් ගැජට් ලිස්ට් එකක්.අන්න එතනින් Blog's stats කියන ගැජට් එක තෝරන්න.
ඒක ක්ලික් කළාම එනව මෙහෙම වින්ඩෝ එකක්.ඒ වින්ඩෝ එකෙන් පුලුවන් මේ ගැජට් එක ලස්සන විදිහට ඩිසයින් කරගන්න.
දැන් ඒක save කරන්න.දැන් වැඩේ හරි.........
අනිත් එක තමා ඔයාලට මොනව හරි පරිගණක ගැටලු තියනවනං ඒවා kotiya.kw@gmail.com එකට ඊමේල් කරන්න.අපිට පුලුවන් විදිහට ඔයාලට පිළිතුරු ලබා දෙන්නම්.
එහෙනං අපි ගියා.....
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!


No comments:

Powered by Blogger.