WA1

ලැප් එකේ බැටරිය ලෙඩද?මෙන්න විසදුම්.




ඔන්න අද මම ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අයට වැදගත් ලිපියක් ගෙනාවා.මොකද මාත් පාවිච්චි කරන්නෙ ලැප්ටොප් එකක්.හුගක් ලැප්ටොප් පාවිච්චි කරන අයට තියන ගැටලුවක් තමයි ලැප් එකේ බැටරිය ඉක්මනට බහින එක.මම මේ ලිපියෙන් පැහැදිලි කරන්නෙ කොහොමද ලැප්ටොප් එකේ බැටරියේ ආයුකාලය වැඩි කරන හැටි.
අපි දන්නවා ලැප්ටොප්,ටැබ්ලට්,ස්මාර්ට්ෆෝන් වල තියන බැටරි සාදල තියෙන්නෙ ලතියම්-අයන් වලින්.මේ ලතියම්-අයන් ඉතාම බලසම්පන්න බැටරි වර්ගයක්.මේවායෙ තියන ගැටලුව තමා බැටරිය බහින කන් භාවිතා කළාම බැටරියේ ආයුකාලය අඩුවෙන එක.වාර්තා වලට අනුව බැටරිය සම්පූර්ණයෙන් බැස්සට පස්සේ නැවත චාර්ජ්(charge)කිරීම් වාර 300 ක් ඇතුළත පූර්ණ බැටරි ධාරිතාවෙන් 25%ක් පමණ ධාරිතාව අඩුවෙනවා.ඒ නිසා වඩාත් හොද බැටරි ආයුකාලයක් ලබා ගැනීමට බැටරිය සම්පූර්ණයෙන්ම බහින්න කලින් චාර්ජ් කරන්න ඕනි.
බැටරියේ ආයුෂ අඩු කරන තවත් දෙයක් තමා තාපය.දැන් කරලා තියන පරීක්ෂණ වලට අනුව අවුරුද්දක් පුරා සෙන්ටිග්‍රේඩ් අංශක 25ක උෂ්ණත්වයකට ලක්වෙන බැටරියක ආයුකාලය 20% පමණ පහළ යනවා.විශේෂයෙන් ලැප්ටොප්,ටැබ්ලට් වගේ පරිගණක ගොඩක් පුංචි නිසා ඇතුලත වායු සංසරණය සිදු වෙන්නෙ අඩුවෙන්.ඒ නිසා ලැප්ටොප් එක ඉතා ඉක්මණින් රත්වෙනවා.cooler pad එකක් වගේ දෙයක් භාවිතා කරලා මේ ප්‍රශ්නය මගහරවා ගන්න පුලුවන්.
අනිත් කාරණය තමා බැටරිය ලැප්ටොප් එකෙන් ගලවා තියන්නත් එපා.මේක මාසෙකට 5%ක් 10%ක පමණ ඉහල ධාරිතා හානියක්.ඒ වගේම බැටරියට ලොකු ආයුකාලයක් ලබා දීමට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියනවා.
1-බැටරිය සම්පූර්ණයෙන් බහින්න කලින් චාර්ජ් කරන්න
2-තාපයෙන් ආරක්ෂා කරගන්න.
3-බැටරියෙන් වැඩ කරන කොට screen brightness අඩු කරන්න
4-ලිහිල්(ප්‍රොසෙසරය වැඩි වශයෙන් භාවිතා නොවන)මෘදුකාංග භාවිතා කරන්න.
5-wireless සහ බාහිර USB උපාංග විසන්ධි කරන්න.
6-හදිසි අවස්ථාවකදී හැර අනෙක් අවස්ථා වලදී ගෘහස්ථ විදුලියෙන් ලැප්ටොප් එක පණගන්වන්න.
හරී...........එහෙනං අපි ගියෝ.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.