WA1

Google Chrome හි ඩයිනසෝර් ගේම් එක play කරන හැටි.

හලෝ...ඉතින් කොහොමද?...අලුත් අවුරුද්දකුත් ලැබුනා නේද ඉතින්?....පහුගිය දෙසැම්බර් නිවාඩුවෙ මොකුත් අලුත් ලිපි දාන්න බැරි උනේ ඇත්තෙන්ම දාන්න කියල වැදගත් දෙයක් තිබුනෙ නෑ....ඒකට සමාව ඉල්ලනවා....ඒ නිසාම හින්දද කොහෙද බ්ලොග් එකේ ට්‍රැෆික් එකත් අඩුවෙලා තිබුනා...හරි හරි...ගිය දේ ගියාවෙ....අපි අපේ ලිපිය පැත්තට හැරෙමු....

අද මම ඔයාලට හදුන්වල දෙන්න යන්නෙ ගේම් එකක්....ඇත්තටම මේක මහ ලොකු සුපිරි එකක් නෙවේ....ඒත් නිකමට අදුන්නලා දෙන්න හිතුනා....මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකේ තියන ඩයිනසෝර් ගේම් එක ගහන හැටි....මුලින්ම ඔයාගෙ Internet connection එක disconnect කරලා Google Chrome බ්‍රවුසර් එක ඕපන් කරගන්න...ඊට පස්සෙ මෙහෙම වැටෙනවනේ....



හරි දැන් ඔයා space button එක දෙතුන් පාරක් ඔබන්නකෝ.....

මෙන්න බොලේ ඩයිනෝසර දුවනවා නේද?...අර බාධක උඩින් space button එක ඔබ ඔබ උඩින් පැන පැන තමයි දුවන්න තියෙන්නේ....එච්චර සුපිරි ගේම් එකක් නොවුනත් කම්මැලි වෙලාවට හොද ගේම් එකක්....එහෙනං ඉතින් ගහලම බලන්නකෝ....

එහෙනං යාලුවනේ මං යනවා....පෝස්ට් එක ගැන අදහසකුත් යටින් දාලා ෂෙයා පාරකුත් දාලා යන්න....

No comments:

Powered by Blogger.