WA1

නොමිලේ බඩු ගෙන්නන්න ඔයාත් ආසද?-Part 5


ඔන්න අද අපි නොමිලේ බඩු ගෙන්වීමේ 5 වෙනි ලිපිය තමා කියවන්න යන්නෙ.මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නෙ කොහොමද credit refund කරගන්නෙ කියලා....
මොකක්ද මේ credit refund කියන්නේ?
හොදයි.......අපි මෙහෙම හිතමු.ඔයා මොනවා හරි බඩුවක් bid කරල දින්නා.දැන් ඔයා බොහොම සතුටින් එ් බඩුව එවන්න කියලා සේලර්ට ඔයාගෙ ලිපිනය එහෙම යවලා බලාගෙන ඉන්නවා.දැන් කාලෙත් යනවා.කොහොමත් පිට රටක දෙයක් එන්න ටිකක් කල් යනවා.මාස 2ක් විතර.ඒක ඉතින් ඒ බඩුව එවන නැවේ වේගය මත තීරණය වෙනවා.කොහොමත් බඩුව ඒ කාලෙ ගියාම ලැබෙන්න එපෑ.දැන් මොකද වෙන්නේ.....බඩුව එන්න කාලෙ හරි....එහෙමත් නැත්තං එන්න කාලෙ පහුවෙලා....බඩුව එන්නෑ......සේලර්ට මැසේජ් යැවුවට පිළිතුරක් නෑ......සේලර් හොරා වගේ ඉන්නවා.....දැන් මොකද කරන්නේ?දැන් ඔයාට හිතෙනවා ඇති.....අයියෝ මගේ ක්‍රෙඩිට් ටික..මට බඩුව දෙන්නැත්තං දීපියවු මගෙ ක්‍රෙඩිට් ටික.....දැන් ඉතින් ඔයාට ඔහොම හිතෙනවා ඇති...ඒත් බය වෙන්න එපා.....
මේ සයිට් එකේ විශේෂතාවයක් තියනවා.බඩුව ආවෙ නැති උනොත් බඩුව ගන්න ඔයාට ගිය ක්‍රෙඩිට් ටික නැවත ලබා ගන්න පුලුවන්(refund කරගන්න පුලුවන්.)අපි බලමු කොහොමද ඒක කරන්නෙ කියලා......

මුලින්ම ඔයා බඩුව දිනලා දවස් 3ක් ගිහින් තියෙන්න ඕනි.ඊට පස්සෙයි මේ ඔප්ෂන් එක ඇක්ටිව් වෙන්නේ....හරි දැන් ඔයාගෙ ලිස්ටියා එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න.ඊට පස්සෙ වම් පැත්තේ තියන won කියන එක ක්ලික් කරන්න.(මං ඔය රතු පාටින් රවුම් කරල තියෙන්නෙ.)
හරි දැන් ඔයාට පෙනෙයි ඔයා දිනපු ඔක්කොම බඩු ටික.එතනින් ඔයාට ආවෙ නැති බඩුව තෝරගන්න.(මෙහෙම තෝරන කොට ඔයා බොහොම සැලකිලිමත් වෙන්න ඕනි.සමහර විට සේලර් ඔයාට එවපු බඩුව තාම නැවේ එනවා වෙන්න පුලුවන්.)
හරි....දැන් අපි සේලර්ට යවපු මැසේජ් ටිකයි.බඩුවයි ඔක්කොම ටික ඔතන පෙන්නනවා නේ...දැන් එතනින් මම ඔය රතුපාටින් රවුම් කරල තියන තැනි ඇති here කියලා එකක්.ඒක ක්ලික් කරන්න.(එතන තමා මම නිල් පාටින් රවුම් කරල තියෙන්නෙ.)
(පින්තූර පැහැදිලි නැත්තං පින්තූරය උඩ ක්ලික් කරන්න.)
දැන් එයි පොඩි text box එකක්.මෙන්න මේ වගේ....

.දැන් එතන Please Select කියන තැන ක්ලික් කළාම පොඩි drop down menu එකක් එයි.එතන තියනවා එක ප්‍රශ්න.එතනින් ඔයාගෙ ප්‍රශ්නය තොරන්න.(ප්‍රශ්නය කිවුවට පොඩි චෝදනාවක් වගේ එකක් තමා ඔතනින් තොරන්න තියෙන්නෙ.)ඊට පස්සෙ ඔයාගෙ ප්‍රශ්නය පහළ text box එකේ විස්තරාත්මකව ටයිප් කරලා පහළ තියන submit කියන එක ක්ලික් කරන්න.
හරී..........දැන් ඉතින් බය වෙන්න කිසිම දෙයක් නෑ.......ඉතිරි ටික ලිස්ටියා වෙබ් අඩවිය බලාගනීවි....ඔයාගෙ ක්‍රෙඩිට් ටික දවස් තුන හතරකින් ඉක්මනටම ලැබේවි......

ඒත් එක්කම කියන්න ඕනි....ඔයා මේ සයිට් එකෙන් සාර්ථකව නොමිලේ බඩු ගෙන්වන්න නම් මං මෙතෙක් පළකරපු ලිපි සියල්ලම උවමනාවෙන් කියවන්න ඕනි.ඔයා අඩුම ගානෙ එක බඩුවක් හරි නොමිලේ ගෙන්වන තත්ත්වයට ගේන්න මං පුලුවන් උත්සාහය යොදනවා..තව එකක් කියන්න ඕනි මේ වගේ සයිට් ලේසියට ස්කෑම් වෙන්නෙ නෑ........ඒ හින්දා බයක් තියාගන්න එපා.....මුලින්ම මම මේ ගැන දාපු ලිපි ටික හොදින් කියවලා ඉන්න.මං දන්නවා ගොඩාක් අය මේ පළවෙනි ලිපිය හැර අනික් ඒවා කියවන්න උනන්දු වෙන්නෙ නෑ.සයිට් එක ගැන දැනගත්තා...එච්චරයි....මං දැක්කා මේ පොස්ට් වලට ආපු සෙනග මට බ්ලොගර් ඩෑෂ්බොඩ් එකේ පෙන්නනවා.මං බැලුවා.....පළවෙනි පෝස්ට් එකට ට්‍රැෆික් 1500යි.2 වෙනි 3න් වෙනි පොස්ට් වලින් පස්සෙ ට්‍රැෆික් 100ක් වත් ඇවිත් නෑ.4වෙනි පෝස්ට් එකට 50යි.4 වෙනි පෝස්ට් එකේ තමා සේලර්ට හරියටම එඩ්‍රස් යවන හැටි තියෙන්නෙ.ඉතින් බලන්න...කීප දෙනෙක් විතරයි හරියට එඩ්‍රස් යවලා බඩුවක් ගෙන්නගන්නෙ.අනිත් අය රෙජිස්ටර් වෙලා බඩුවක් ගෙන්නගන්න එඩ්‍රස්වත් යවන්න දන්නෙ නෑ....ඊට පස්සෙ මේ පොස්ට් වල තියන දේවල් පොස්ට් කියවලා නැතුව මට ෆේස්බුක් එකේ මැසේජ් දානවා.මං අත්දැකීමෙන් කියන්නෙ.ගොඩාක් අය මේ පොස්ට් වල තියන දේවල් මගෙන් ෆේස්බුක් මැසේජ් කරල අහනවා.මේ පෝස්ට් වල මං දාල තියෙන්නෙ.ගොඩාක්ම 2,3 වෙනි පොස්ට් වල තියන දේවල්.මොකද?පොස්ට් හරියට කියවලා නෑ.මොනවා කරන්නද ඉතින්?ඕක තමා මිනිස් ගතිය.......කමක් නෑ.....මං දන්නවා එක්කෙනකේ හරි මගේ පෝස්ට් කියවලා හරියට 1 බඩුවක් හරි ගෙන්නනවා කියලා.....ඒක මට ඇති....

හොදයි........එහෙනං අපි ගියා........
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.