WA1

ආවාට ගියාට පරිගණක වලට වෛරස් ගාඩ් දාන්න එපා.

අද කාලේ හැම පරිගණකයකම ඉන්ස්ටෝල් කරන දෙයක් තමයි වෛරස් ගාඩ් එක.ඒ වුණාට ඒවයින් සීයට සීයක්ම ආරක්ෂිත ඒවා නොවෙයි.හුගක් අය පාවිච්චි කරන්නේ හොර වෛරස් ගාඩ්.ඒවයින් පරිගණකයට ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.ඒවයින් කරන්නේ පරිගණකය ආරක්ෂා කරනවා කියලා පෙන්වලා පරිගණකය විනාශයට ඇද දැමීම.අනික මේ වගේ මෘදුකාංගවලින් වෛරස් කියලා මෙහෙයුම් පද්ධතියේ ෆයිල්ස් එහෙමත් මකලා දානවා.ඒ වගේ දෙයක් වුණාට මොකද වෙන්නේ?ආයෙත් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන්න වෙනවා.හැබැයි ඔරිජිනල් වෛරස් ගාඩ් එකක් දැම්මම මෙහෙම වෙන්නේ නෑ.කාලයක් යනකන් පරිගණකය හොදට කරදර වලින් තොරව පාවිච්චි කරන්න පුලුවන්.එතකොට පරිගණකයටත් හොදයි.පසුම්බියටත් හොදයි.හිතටත් හොදයි.

No comments:

Powered by Blogger.