WA1

වෙබ්කැම් එකෙන් ආරක්ෂක කැමරා පද්ධතියක් හදමු.

ඕන්න යාලුවනේ අදත් අපූරු වැඩක් තමා අලුත් ලිපියකින් කියාදෙන්න යන්නෙ.දැන් කාලෙ හරියට හැමතැනම cctv කැමරා හයිකරලනෙ.ඒ හින්ද හැමදාම ඔය හොරු පනින ඒව මංකොල්ල කෑම් හරියට cctv වලින් අහුවෙනව.අද මං කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාලගෙ වෙබ්කැම් එක පාවිච්චි කරල cctv කැමරා පද්ධතියක් සකස් කරගන්නෙ කියල.මේකට අපිට අවශ්‍ය වෙනව වෙබ්කැම් එකක් සහ පුංචි සොෆ්ට්වෙයා එකක්.මම නං වෙබ්කැම් 2ක් පාවිච්චි කළා.ඒ සොෆ්ට්වෙයා එක පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download
හරි දැන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.දැන් වෙබ් කැම් එකත් පරිගණකයට සවිකරගෙන ඉන්න.දැන් අර ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගත්ත සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න.දැන් මේ වගේ එකක් එයි.'

එතනින් මම ඔය රතු පාටින් රවුම් කරලා තියන add කියන තැන ඔබලා එතනින් local camera කියන එක තෝරන්න.

ඔතන තියන video device කියන තැනින් ඔයාගෙ වෙබ් කැම් එක තෝරන්න.ඒ වගේම ඔතන තියන අනිත් ඔප්ෂන් එහෙට මෙහෙට කරලා කැමරාවට අදාල අනෙක් ඔප්ෂන්ස් කරගන්න පුලුවන්.ඊට පස්සෙ ok කරන්න.දැන් මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙයි.
ඔතනින් තමා අපි කැමරාවට අවශ්‍ය සියලුම සැකසුම් සකස් කරන්නෙ.ඔය බොක්ස් එකේ තියන ටැබ්ස් වලින් ගිහින් අපිට ඒවා කරගන්න පුලුවන්.මම ඒ ටැබ්ස් කිහිපයකින් ගියාම කරන්න පුලුවන් දේවල් මෙතන කියලා දෙන්නම්.

Camera-කැමරාවට නමක් දෙන්න වගේ සැකසුම් මෙතනින් කරන්න පුලුවන්.

Motion Detection-මේකෙන් කැමරාව ඉස්සරහ චලනය වෙන දේවල් වලට අදාල සැකසුම් කරන්න පුලුවන්.

Recording - වීඩියෝ රෙකෝඩ් කරනකොට අදාළ සැකසුම් කරන්නෙ මෙතනින්.

PTZ - කැමරාවෙන් පෙනෙන දේ විශාල කර බලන්න කුඩා කර බලන්න පුලුවන්.

Images - කැමරාවෙන් ඔයා ෆොටෝස් ගන්නව නම් ඒවාට අදාළ සැකසුම් කරන්න පුලුවන්.

Storage - මෙතනින් කැමරාවෙන් ගන්න වීඩියෝ,ෆොටෝස් සේව් වෙන තැන හදන්න පුලුවන්.

ඊට පස්සෙ ඒ බොක්ස් එකේ යටින්ම තියන finish කියන එක ක්ලික් කරන්න.එතකොට මේ වගේ කැමරාවෙන් වීඩියෝ වෙන්න පටන් ගනීවි.

මේ වීඩියෝ රෙකෝඩ් වෙනවා නම් ඔය කැමරාවෙ වීඩියෝ එකේ අයිනෙ රතුපාට තිතක් පෙනේවි.එහෙම පෙනෙන්නෙ නැත්තං වීඩියෝ එක රයිට් ක්ලික් කරලා start recording කියන එක ක්ලික් කරන්න.රෙකෝඩ් වෙනවා නම් මෙහෙම රතු පාට තිතක් ඒවි.(ඔය මං නිල්පාටින් රවුම් කරල තියෙන්නෙ.)

ආහ්....කියන්න අමතක උනා.ඔයාලට ශබ්ද රෙකෝඩ් කරගන්න ඕනි නං මයික්‍රොෆෝන් එකක් තියෙන්න ඕනි.ඊට පස්සෙ ඒක පරිගණකයට සවි කරලා add කියන තැනින් microphone කියන එක ක්ලික් කරන්න.

හරී දැන් අපිත් අපේ වෙබ් කැම් එක පාවිච්චි කරලා cctv ආරක්ෂක කැමරා පද්ධතියක් හදලා.
ඒ වගේම කියන්න ඕනි මේක අපි පරිගණකය off කරපු ගමන් වීඩියෝ වෙන එක නැවතෙනවා කියල.ඒ නිසා ඉතින් මේක ඔයාලා පරිගණකය පාවිච්චි කරන වෙලාවට හොදයි.

එහෙනං අපි යනවා.ඒත් එක්කම ගැටලු තියනවා නං පහළින් කමෙන්ට් කරන්න.මං උත්තර දෙන්නං.මොකද සමහර විට අපැහැදිලි තැන් ඇති.ටිකක් හදිසියෙන් පෝස්ට් එක ලිවුවෙ.

එහෙනං අපිත් ගියා......
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.