WA1

නොමිලේ බඩු ගෙන්වන්න ඔයාත් කැමතිද? part 4


හොදයි කලින් ලිපිවලදි අපි කතා කළා කොහොමද අපි බිඩ් කරල දිනපු බඩුවක් ගෙදරට ගෙන්නන්න ලිපින ආදිය දෙන හැටි.අද මං ඔයාලට කියන්න යන්නෙ කොහොමද අපි දිනපු බඩුවක් ගෙදරට ආවට පස්සෙ ඒ කියන්නෙ ඔයාගෙ අතට ලැබුනට පස්සෙ කොහොමද සේලර්ට ෆීඩ්බැක් එකක් දෙන්නෙ කියල.මොකද ඒක අත්‍යාවශ්‍යයි.ඔයාට බඩුව ලැබුනට පස්සෙ ඒක සේලර්ට ලැබුනු බව දන්වන්න ඕනි.ඒ වගේම ඒ සේලර්ට ෆීඩ්බැක් කරන්න ඕනි.හැම දේටම කලින් කියන්න ඕනි කවදාවත් බඩුව ලැබෙන්න කලින් සේලර්ට ෆීඩ්බැක් කරන්න එපා කියල.ඒ වගේම ඔයාට බඩුව ලැබිල ඔයා සේලර්ට ෆීඩ්බැක් කලාට පස්සෙ තමා සේලර්ට ඒ බඩුව විකුණපු ක්‍රෙඩිට් ටික යන්නෙ.අන්න ඒ නිසයි මං මුලින්ම කිවුවෙ බඩුව ලැබෙන්න කලින් ෆීඩ්බැක් කරන්න එපා කියල.එහෙම කලොත් වෙන්නෙ සේලර් ක්‍රෙඩිට් ටික අරගෙන ඔයාට බඩුව නොදී ආතල් එකේ ඉදීවී.හරි අපි බලමු කොහොමද සේලර්ට ෆීඩ්බැක් කරන්නෙ කියලා.මුලින්ම ඔයාගෙ ලිස්ටියා එකවුන්ට් එකට ලොග් වෙන්න.
දැන් එතන මම රතුපාටින් රවුම් කරල තියන තැන ක්ලික් කරන්න.දැන් ඔයාට පෙනෙයි ඔයා දිනපු ඔක්කොම බඩු ටික.
 හරි එතනින් ඔයාගෙ අතට ලැබුනු බඩුව ක්ලික් කරන්න.
බඩුව ක්ලික් කලාම එන පේජ් එකේ උඩම තියනව මං ඔය රතුපාටින් රවුම් කරල තියන got it කියන එක.අන්න ඒ got it කියන එක ක්ලික් කරන්න.
එතකොට එයි මේ වගේ මැසේජ් එකක්.ඔය මං රතුපාටින් රවුම් කරල තියෙන්නෙ.
එතනින් මං ඔය නිල් පාටින් රවුම් කරලා තියන yes කියන එක ක්ලික් කරන්න.
හරි දැන් එතනින් positive කියන එක ක්ලික් කරල යටින් තියන ටෙක්ස්ට්බොක්ස් එකේ පොඩි මැසේජ් එකක් දාන්න.ඒ සේලර් හොදයි වගේ සේලර්ව දිරිමත් කරන අගයන දෙයක්.ඊට පස්සෙ leave feedback කියන එක ක්ලික් කරන්න.
දැන් වැඩේ හරි.......
හරී...........එහෙනං අදට ලිපිය ඉවරායි.....එහෙනං අපිත් ගියා..........
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!
 

No comments:

Powered by Blogger.