WA1

නොමිලේ බඩු ගෙන්නන් ඔයාත් කැමතිද? part-3

ඕන්න අදත් මේ ලිපියෙන් මම ඔයාලත් එක්ක වැඩි දුරටත් කතා කරන්න යන්නෙ කොහොමද නොමිලේ බඩු ගෙන්වන්නෙ කියල....මේක ගැන මම කලින් දාපු පෝස්ට් බලලා නැත්තන් පහල ලින්ක් වලින් ඒවා බලන්න පුලුවන්.

Part 2(click here)
Part 1(click here) 

හරි එහෙනං අපි වැඩේට බහිමු.මුලින්ම ඔයාගෙ ලිස්ටියා එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න.
මම කලින් ලිපිවලින් ඔයාලට කියල දුන්න කොහොමද අලුත් එකවුන්ට් එකක් හදාගෙන ඒකෙ බඩු විකුණන හැටි,නිවැරදිව බඩුවක් බිඩ් කරල දිනන හැටි වගේ දේවල්.අද මං අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද බඩුවක් බිඩ් කරල දින්නට පස්සෙ සේලර්ට ඇඩ්රස් යවල බඩුව ලැබුණට පස්සෙ සේලර්ට ෆීඩ්බැක් කරන හැටි.
අපි හැමදේටම කලින් අපේ ගෙදර ලිපිනය සයිට් එකට වෙරිෆයි කරගෙන ඉන්න ඕනි.ඒක බොහෝ විට අත්‍යාවශ්‍යයි.ඔයා ලිපිනය වෙරිෆයි කරල නැති වුණාට ඔයාට බඩුවක් ගෙන්නගන්න පුලුවන්.ඒ සේලර්ට ඔයාගෙ ලිපිනය නිකන්ම වෙරිෆයි කරන්නෙ නැතුව මැසේජ් කළාම.ඒ වුණත් ඒක කරන්න පුලුවන් සමහර සේලර්ලට විතරයි.බොහෝ විට මේ සේලර්ලා අලුත් අය.ඒකයි එහෙම කරන්නෙ.නමුත් අත්දැකීම් බහුල විශ්වාසකටයුතු පරණ සේලර්ලා එහෙම තම්බන්න බෑ.එයාලා වෙරිෆයි කරපු ලිපින ඉල්ලනවා.ඒ නිසා අපි බලමු කොහොමද ලිපින වෙරිෆයි කරන්නෙ කියල.බොහොම පහසුයි.මුලින්ම ඔයාගෙ එකවුන්ට් එකට ලොග් වෙන්න.ලොග් වෙලා ඒ පේජ් එක ටිකක් පහලට කරනකොට මෙහෙම එකක් තියෙයි.


එතන ඔය මම රතුපාටින් රවුම් කරල තියන තැන ක්ලික් කරන්න.එතනට ගියාම මේ වගේ පේජ් එකක් එයි.


එතන මම රතු පාටින් රවුම් කරල තියන තැන ක්ලික් කරන්න.එතකොට එන පේජ් එක ඔයාගෙ ලිපිනය නිවැරදිව සදහන් කරන්න.

හරි දැන් validate address කියන තැන ක්ලික් කරන්න.
දැන් ඔයාගෙ ලිපිනත් වෙරිෆයි වෙලා...
හරි කොහොමින් කොහොමින් හරි ඔයා ලිපිනය වෙරිෆයි කරගත්තා.දැන් බලමු ලිපිනය යවන හැටි.ඔයාගෙ එකවුන්ට් එකට ලොග් වුණාට පස්සෙ මෙහෙම එකක් එයි.

එතන මම රතු පාටින් රවුම් කරලා තියන තැන ක්ලික් කරන්න.දැන් ඔයාට පෙනෙයි ඔයා දිනපු ඔක්කොම බඩු ටික.එතනින් බඩුව ක්ලික් කරන්න.

දැන් මේ වගේ පේජ් එකක් එයි.ඒ කියන්නෙ බඩුව විකුණපු පේජ් එක.

එතනින් ඔයාට ඒ සේලර්ව කන්ටැක්ට් කරගන්න පුලුවන්.මැසේජ් කරනව වගේ.ලිපිනය දාන්නෙ මෙන්න මෙහෙම.දැන් ඔයා ඔයාගෙ ලිපිනය වෙරිෆයි කරලනෙ ඉන්නෙ.වෙරිෆයි කරල නම් උඩින් ඔයාගෙ ලිපිනය පෙන්නාවි.(ඔය මං රතුපාටින් රවුම් කරල තියෙන්නෙ.)එතන තියන රවුම ක්ලික් කරල send shipping information කියන එක ක්ලික් කරන්න.
දැන් වැඩේ හරි.සේලර් ඔයාට බඩු එවයි.
හරී..........එහෙනං අදට ලිපිය ඉවරයි.ඊලග කොටසෙත් මම ඔයාට මේ ගැන ගොඩාක් දේ කියල දෙන්නම්.ඒ වගේම පෝස්ට් එකේ ගුණ අගුණ,ගැටලු හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න.මම දන්නා විදිහට ඔයාලට පිළිතුරු ලබා දෙන්නම්.
එහෙනං අපි ගියා..........
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.