WA1

නොමිලේ බඩු ගෙන්නන්න ඔයාත් කැමතිද? Part 6 (අවසාන ලිපිය)

හොදයි යාලුවනේ......ලිපි 6ක් පුරා පැවති නොමිලේ බඩු ගෙන්වන ලිපි මාලාවේ අවසාන ලිපියයි ඔබ මේ කියවන්නේ.මෙහෙම එකක් ලියන්න ඇත්තටම මට උවමනාවක් තිබුනෙ නෑ.නමුත් මට මේ ගැන ආපු fb massages,emails වලින් මට තේරුනේ මේක ගැන ඇත්තටම අපේ යාලුවන්ට තේරුනේ නෑ කියලා.කොහොම උනත් කියන්න ඕනි ඒ ප්‍රශ්න වලින් හතරෙන් 3ක්ම මම මේ ගැන දාපු ලිපිවල තියනවා.මේක ආයි ආයි අහන්නෙ එක්කො ඒව තේරිලා නෑ.නැත්තං ලිපි කියවලා නෑ.ඕවා තමා.කොහොම උනත් අපි දැන් මේක සංශෝධනය කරල ඔක්කොම බේර ගනිමු.අපි මේක මුල ඉදලා කියවමු.

Bid කිරීම/GIN කිරීම
මොකක්ද Bid කරනවා කියන්නේ?
මම මේක මුලටම තෝර ගත්තෙ මේක මට වැඩියෙන්ම අහන්න ලැබුනු ප්‍රශ්නය නිසා....
අපි සරලව හිතමු.
අපි හිතමු.කෙනෙක් ෆෝන් එකක් විකුණනවා.එයා ඒක විකුණන ගාණ කියන්නෙ නෑ.නමුත් එයාට ඕනි ඒක වැඩිම මිලකට විකුණ ගන්න.එයා මොකද කරන්නේ?එයා මිලක් කියනවා.ගොඩාක් අඩු මුදලක්.ඒ වගේම එයා දවසකුත් වෙලාවකුත් කියනවා.දැන් ඔයාට පුලුවන් ෆොන් එකට මිල බිඩ් කරන්න.හිතමු විකුණන කෙනා ඒ කියන්නෙ සේලර් මුලින්ම කියනවා 500ක්.ඊට පස්සෙ ඔයා කියනවා 500ක් දෙනවා කියලා.නමුත් බඩුව ලැබෙන්නෙ නෑ.සේලර් කියපු වෙලාව පහුවෙන කන් බලන් ඉන්නවා.ඔයාත් ඉතින් සල්ලි දීල බලන් ඉන්නවා.මේක දකිනවා තව කෙනෙක්.ඔයා දුන්නෙ රුපියල් 500යි.නමුත් එයා කියනවා 550ක් දෙන්නං කියල.දැන් මොකෝ?බඩුව ඔයාට නෙවේ.550ක් දෙනවා කියල බිඩ් කරපු කෙනා.ඔහොම ඔහොම ගිහින් වැඩිම මුදලක් දෙනවා කියලා කියපු කෙනාට තමා බඩුව ලැබෙන්නෙ.මේකට කියන්නෙ ලංසු තියනව කියලා....දැන් පැහැදිලි ඇති.අපිට මේ සයිට් එකේ බිඩ් කරන එක ඉවරවෙන වෙලාව ඒ බඩුව ක්ලික් කළාම බලාගන්න පුලුවන්.ඉවර වෙන වෙලාව ලං වෙලා බඩුව බිඩ් කරන එක වාසියි.මොකද අපි හිතමු බඩුව ඉවරවෙන්න පැයක් ලංවෙලා අපි බිඩ් කළා කියල.එතකොට ඒ පැය ඇතුළත කවුරුත් බිඩ් කලේ නැතිනම් අපිටයි බඩුව ලැබෙන්නෙ.අපි බඩුව ඉහළම බිඩ් එක වෙලා තියනවා නම් අපි බිඩ් කළාට පස්සෙ උඩින් නිල්පාට කොටුවක් ඇතුලෙ condragulations,You are Hight Bidder කියල මැසේජ් එකක් ඒවි.වෙන කෙනෙක් අපිට වඩා බිඩ් කරලා නම් රතුපාටින් Sorry, you were outbid on this listing කියල මැසේජ් 1ක් ඒවි.එතකොට ඔයාට සිද්ධ වෙනවා ඊට වඩා වැඩි ක්‍රෙඩිට් ගාණක් බිඩ් කරන්න.

GIN කිරීම

හොදයි ඔයාලා මේකෙ බඩු තෝරන කොට ඒ ඒ බඩුවලට යටින් පේනවා ඇති නිල්පාටින් GIN(Get It Now)කියලා එකක්.මේකෙන් අදහස් වෙන්නේ අපිට ඒ බඩුව ඒ වෙලාවෙම බිඩ් නොකර එවෙලෙම ක්‍රෙඩිට් දීල ගන්න පුලුවන් කියන එක..

Free Shipping තියන එකක් තෝර ගන්න.

මේකත් අපේ යාලුවන්ට තියන ලොකු ප්‍රශ්නයක්.නමුත් කියන්න කණගාටුයි මේක ගැන මම දෙවන ලිපියේම කියලා දුන්නා.දැන් ආයිත් කියල දෙනවා.මම ඔයාලට කිවුවා බඩුවක් ගන්නකොට free shipping everyware කියල යටින් තියන ඒව ගන්න කියලා.ඒව තමා ලංකාවට ගෙන්න ගන්න පුලුවන්.free shipping තියන ඒවා බලනකොට  free shipping everyware  කියල තියනවද කියල බලන්න.ඒව තමා අපි ගන්න ඕනි.සමහර ඒව ඇති shipping everyware(5$)/shipping everyware exact shipping වගේ මිලක් දාල තියනවා.ඒව ගෙන්න ගන්න නම් ඔයා බඩුව ගත්තට පස්සෙ ෂිපින් වලට සල්ලි ගෙවන්න ඕනි. free shipping everyware ගන්නකොට අපිට මුකුත් ගෙවන්න වෙන්නෙ නෑ.ඔයාලා ෂිපින් ගෙවන්න තියන ඒව ගත්තොත් ඒව විකුණන සේලර්ලා ඔයාට එයාලගෙ paypal එඩ්‍රස් එවයි ඒවාට සල්ලි ගෙවන්න කියලා.නොදැනීමෙන් ඔයා එහෙම එකක් ගත්තොත් බය වෙන්න එපා.ඒක ඔයාට එපා වගේ දෙයක් කියලා ඔයාගෙ ක්‍රෙඩිට් ටික ආපහු ඉල්ලගන්න ඔයාට පුලුවන්.ඒක කරන හැටි 5 වෙනි ලිපියේ තියනවා.

දිගටම බඩු ගෙන්නන්න ඕනි නම් විකිණීමක් සිදුකල යුතුමයි.

මුල සිට මේ ගැන කතා කරමු.එහෙම බලනකොට මගෙනුත් පොඩි වැරදීමක් සිදුවෙලා.ඒකට සමා වෙන්න.මේක shopping/selling සයිට් එකක්.මේකෙයි ebay එකෙයි අතර තියන වෙනස ebay එකේ තියෙන්නෙ ඩොලර්.මේකෙ තියෙන්නෙ ක්‍රෙඩිට්.මේකෙ ක්‍රෙඩිට් ගොඩාක් නොමිලේ හොයන්න පුලුවන්.නමුත් ebay $ නොමිලේ හොයන්න බෑ නේද?ඔයාට මේකෙන් දිගටම බඩු ගෙන්නන්න නම් ක්‍රෙඩිට් දිගටම හොයන්න වෙනවා.මුල් ක්‍රෙඩිට් ටික නොමිලේ.ෆේස්බුක් හරහා රෙජිස්ටර් වුනොත් අනිවා ක්‍රෙඩිට් 4000ක් එකපාර.නමුත් ඒව ඉවර උනාට පස්සෙ තව බඩු ගෙන්නන්න,ඔයාට බඩුවක් විකුණල ක්‍රෙඩිට් හොයන්න වෙනවා.නැත්තං $ ගෙවල ක්‍රෙඩිට් මිලදී ගන්න වෙනවා.හිතමු.ඔයා ෆොන් එකක් ගන්න හදනවා.ෆෝන් එකක් බිඩ් කරන්න අඩුම ගානෙ ක්‍රෙඩිට් 30000ක් වත් අතේ තියාගෙන ඉන්න  වෙනවා.ක්‍රෙඩිට් 30000ක් හොයන්න?පිස්සු හැදෙයි.හරි ලේසියි.පුංචි දෙයක් විකුණන්න.මුද්දරයක්/බිට්කොයින් 1ක් ඕව.ඊට පස්සෙ පිටරටට free shipping දෙන්න.world wide free shipping දුන්නොත් නං ඒ වෙලාවෙම ක්‍රෙඩිට් 3000ක් හම්බ වෙනවා.ඊට පස්සෙ බඩුව විකිනුවා.ගත්ත කෙනා ඔයාට එයාගෙ එඩ්‍රස් එක එවුවා.හිතමු අපි විකිනුවෙ මුද්දරයක් කියල.ගත්තෙ ඇමරිකාවෙ කෙනෙක්.ඕක ඇමරිකාවට ෂිප් කරන්න රු.85ක් යාවි.ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ විකුණල අපිට දැන් ක්‍රෙඩිට් කන්දයි.අපිට බඩු විකුණල ෂිප් කරන්න රුපියල් 300ක් ගිහින්.අපි බලමු.ඔයා බිඩ් කරන්න හිටියෙ apple iphone එකක්.දැන් කාලෙ  apple iphone එකක් කොච්චර ගණන්ද?අපි හිතමු ඒක ලංකාවෙ ගණන් බැලුවොත් රු.30000ක් කියලා.ඔයාට අර මුද්දර ටික විකුණල ෂිප් කරන්න ගියෙ රුපියල් 300යි.දැන් තේරෙනවා නේද?ඔයා මුද්දර ටිකක් ක්‍රෙඩිට් වලට විකුණලා ෂිපින් වලට රු.300කුත් වියදම් කරලා ක්‍රෙඩිට් හොයාගෙන දැන් ඒ ක්‍රෙඩිට් වලින් රුපියල් 30000ක් වටින  apple iphone  එකකුත් ගෙන්නනවා.දැන් හිතලා බැලුවොත්......රුපියල් 300ට  apple iphone  එකකුත් ගත්තා වගෙයි නේද?

දැන් ඔයා කියයි ඔන්න මට නං බෑ මොකූත් විකුණන්න කියලා.දැන් ඔයාට ක්‍රෙඩිට් හොයන්න වාසනාව තියෙන්න ඕනි.ඔයාට සිදුවෙනවා රෙෆ්ලා හදාගන්න.ඒ රෙෆ් කෙනෙක් බඩුවක් විකුණන්න ඕනි.ඒක විකිනුවාට පස්සෙ රෙෆ් කමිෂන් එක විදිහට ඔයාට ක්‍රෙඩ්ට් 10000ක් ඉබේ ලැබෙනවා.කොහොම උනත් කාගෙන් හරි යම් විකිනීමක් කරන්න වෙනවා නේද?

මං කිවුවේ අපි ෆේස්බුක් හරහා ලොගින් වුනොත් ක්‍රෙඩිට් 4000ක් ලැබෙනවා කියලා.අන්න ඒකෙන් ඔයාට සිහිවටනයක් වගේ දෙයක් ගෙන්නන්න පුලුවන්.නමුත් ප්‍රයෝජනවත් දෙයක් ගෙන්නන්න නම් විකිනීමක් කරලා හරි මොන මගුලක් කරලා හරි ලොකු ක්‍රෙඩිට් ගාණක් හොයාගන්න ඕනි.........


මේක තමා අපේ යාලුවන්ට ප්‍රධාන වශයෙන්ම තේරුම් කරලා දෙන්න ඕනි උනේ....මොකද මේ සයිට් එකේ අර්ථය ඒක නිසා........

හරි.......ටයිප් කරලා අතත් රිදෙනව.ඔයාලා කියයි මේක වැදගත් නැති ලිපියක් කියලා.නමුත් මේ සයිට් එක ගැන සම්පූර්ණ තේරුම/මේ සයිට් එක ගැන සම්පූර්ණ අවබෝධය තියෙන්නෙ මේ ලිපියේ.........ඒත් එක්කම.......ආයිත් ඉල්ලා සිටිනවා......මේක ගැන ගැටලුවක් තිබේ නම් පහළින් කමෙන්ට් කරගෙන යන්න...නැත්තං අපේ ෆේස්බුක් මිතුරු සමූහය(facebook group)එකට සම්බන්ධ වෙලා මේක ගැන අහන්න.පුලුවන් විදිහට හැකි උපරිමයෙන් පිළිතුරු දෙනවා.....

අපේ ෆේස්බුක් මිතුරු සමූහයට එකතු වෙන්න මෙතන ක්ලික් කරන්න.

හොදයි........එහෙනං......දීර්ඝ ලිපි පෙලක් අද අවසන් වුනා.තවත් මේ වගේ ලිපි මාලාවක් රැගෙන අපි එනවා...එතෙක් රැදී සිටින්න.....මේ ගැන පළවුණු ලිපි සියල්ලේම ලින්ක් අවසන් වරට මෙතන දානවා.
නොමිලේ බඩු ගෙන්නන්න ඔයාත් කැමතිද? part-1
නොමිලේ බඩු ගෙන්නන් ඔයාත් කැමතිද?part-2
නොමිලේ බඩු ගෙන්නන් ඔයාත් කැමතිද? part-3
නොමිලේ බඩු ගෙන්වන්න ඔයාත් කැමතිද? part 4
නොමිලේ බඩු ගෙන්නන්න ඔයාත් කැමතිද?-Part 5

:D

------------------------------------------------------------------------------------------------------------
තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා.අපේ බ්ලොග් එක පටන් අරන් අදට අවුරුද්දක් වෙනවා.මේ කාලය තුළ අපේ බ්ලොග් අඩවිය තුළින් වැදගත් පරිගණක රහස් ගොඩාක් ඔයාලට දීල තියනවා.ඉතින්.......තවත් අලුත් අලුත් පරිගණක රහස් සමගින්....අපි හැමදාම ඔබ සමග රැදී ඉන්නවා......අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලාත් මම ඉල්ලා සිටිනවා.......ඉතින්......

පරිගණක පිළිබද උනන්දුවක් ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා! යැයි පතමු

එහෙනං.......අදට මේ ලිපියෙන් සමුගන්නවා....අලුත් ලිපියකින් ඉක්මනටම මුණගැසෙමු...
ඔබට සැමට....
සුබ දවසක් වේවා!!!



1 comment:

  1. මේකෙ බිඩ් කරල පැරදුනොත් අපේ ක්‍රෙඩිට් නාස්ති වෙන්නෙ නෑ නේද? තව, මේකෙන් ගත්තු බඩුම ආපහු වැඩි ගානකට විකුනන්න පුලුවන්ද?

    Thanks a lot!

    ReplyDelete

Powered by Blogger.