WA1

Facebook Auto Poster - ඇති වෙන්න ෆේස්බුක් එකේ පෝස්ට් දාමු.

මෙම ලිපිය නැවත යාවත්කාලීන කරනතුරු මෙම ක්‍රියාකාරකම් කිරීමෙන් වළකින්න...
ඕන්න අද මම අපේ යාලුවන්ට අලුත් දෙයක් අරගෙන ආවා.මේක ඇත්තටම අපේ බ්ලොග්/වෙබ් කරන යාලුවන්ට නං ගොඩාක් වටින දෙයක්.හිතන්නකෝ.ඔයාට වෙබ්/බ්ලොග් එකක් තියනවා.ඒකට එච්චර ට්‍රැෆික් එහෙම මදි.හොදට ලිපි එහෙමත් තියනව.ට්‍රැෆික් ඒ කියන්නෙ ඔයාගෙ බ්ලොග් එකට මිනිස්සු එන ප්‍රමාණය මදි.ඒ නිසා ට්‍රැෆික් වැඩි කරගන්න මොකක්ද කරන්න ඕනි?ෆේස්බුක් වගේ සෝෂල් සයිට් වල ඔයාගෙ බ්ලොග් එකේ පෝස්ට් ෂ්‍යො කරන එක.ෆේස්බුක් එකේ පෝස්ට් ෂ්‍යො කරන්න ඕනි හොදට මෙම්බර්ස්ලා ඉන්න ගෘෘප්ස් ටිකක.අඩුම ගාණෙ 200ක වත් පෝස්ට් කළොත් ඔයාට 1000ට තිබුණු ට්‍රැෆික් එක පැයක් යන්න කලින් 10000ට නග්ගන්න පුලුවන්.අම්මෝ.........ගෘෘප්ස් 200ක පෝස්ට් කරන්න???පිස්සු හැදිල ආයෙත් හැදෙයි නේ....ඔන්න ඔය ප්‍රශ්නය මගහරවා ගන්න මම අද ගෙනවා අලුත් ක්‍රමයක්.එහෙනං අපි වැඩේට බහිමු.

මම මේ වැඩේට පාවිච්චි කරන්නෙ Google Chrome වෙබ් බ්‍රව්සර් එක.Firefox වලත් මේක බොහොම අපූරුවට කරන්න පුලුවන්.ඒකෙ වෙනසක් නෑ.
හරි මුලින්ම ඔයාගෙ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න.හරි දැන් ඒක එහෙමම තියලා අලුත් ටැබ් එකක් අරගෙන මම පහළ ලින්ක් එක දාල තියන සයිට් එකට යන්න.(ලින්ක් එක හරියටම දාන්න ඕනි.නැත්තන් වෙන සයිට් එකකට යයි.මොකද මේක සයිට් එකක් කිවුවට පොඩි ස්ක්‍රිප්ට් එකක්.)

http://firli.dikep.info/

හරි දැන් අපි සයිට් එකට ගියා.දැන් එතන register කියන එක ක්ලික් කරන්න.
 දැන් එතනින් එන ෆෝරම් එක පුරවන්න.
මෙතනින් ඔයාගෙ facebook user id එක අහනවා.ඒක දන්නෙ නැත්තන් මෙතනින් ගිහින් එක අරගෙන දාන්න.
ඊට පස්සෙ register කියන එක ක්ලික් කරන්න.ඒක ක්ලික් කළාම මේ වගේ පේජ් එකක් එයි.
එතනින් Authorize කියන එක ක්ලික් කරන්න.(ඔය මම රතු පාටින් රවුම් කරල තියන එක.)ඒක ක්ලික් කළාම මේ වගේ එකක් එයි.
එතනින් Proceed කියන එක ක්ලික් කරන්න.(මම ඔය රතුපාටින් රවුම් කරල තියන එක.)එතනින් ගියාම මේ වගේ පේජ් එකක් එයි.
එතනින් okay කියන එක ක්ලික් කරන්න.ඒක ක්ලික් කළාම මේ වගේ පේජ් එකක් තියෙයි.
හරි දැන් ඔය පේජ් එක ඔහොමම තියෙන්න ඇරලා අපි ෆේස්බුක් එකට ලොග් වෙලා ඉන්න ටැබ් එකට යන්න.
දැන් එතන Notifications වලින් බලන්න.ඔයාට පොඩි මැසේජ් එකක් ඇවිල්ලා ඇති මේ වගේ.
ඒක ක්ලික් කළාම ඔයා යයි facebook developers ලාගෙ පේජ් එකට.ඒකෙ ඔයා රෙජිස්ටර් වෙලා නැත්තන් register කියන එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.ඊට පස්සෙ බලන්න ඔයාට පොඩි request එකක් ඇවිල්ලා ඇති.ඒක confirm කරන්න.(මං ඔය පහළ රතුපාටින් රවුම් කරල තියෙන්නෙ.)
දැන් මේ වගේ මැසේජ් එකක් එයි.

හරි දැන් ඒක ඔහොමම තිබුනාවෙ.දැන් අපි අර කලින් නිකන්ම තියෙන්න ඇරපු අනිත් ටැබ් එකේ පේජ් එකට යන්න.මෙන්න මේක මතකයිනෙ.
හරි දැන් ඒකට ගිහින් right click කරලා reload කරන්න.එහෙමත් නැත්තන් සරලව කිවුවොත් ඒ පේජ් එක refresh කරන්න.දැන් මේ වගේ පේජ් එකක් එයි.
ඒක Okay කරන්න.ඒක Okay කළාම මේ වගේ පේජ් එකක් එයි.
ඒ පේජ් එකේ මතක ඇතුව ඔය public කියන එක තෝරන්න.(ඔය මම රතු පාටින් රවුම් කරල තියෙන්න.)ඊට පස්සෙ Okay කරන්න.
ඊළගට එන පේජ් එකත් Okay කරන්න.
හරී.........දැන් මේ වගේ පේජ් එකක් එයි.
හරි.....දැන් වැඩේ අවසන්...මං කියල දීපු විදිහ තේරුනේ නැත්තං පහළ වීඩියෝ එකත් බලලා ඉන්න.(මමයි අප්ලෝඩ් කරල දැම්මේ.)

හරි.........දැන් ඔයාට ඔටෝ පොස්ට් දාන්න පුලුවන්.හැබැයි මතක ඇතුව මම ඔය රතුපාටින් අවුම් කරල තියන තැන අඩුම ගාණෙ තත්පර 30ක්වත් දාන්න.ඊට වඩා අඩු කරන්න එපා.අඩුකළොත් අනිවා ඔයාගෙ ෆේස්බුක් එකවුන්ට් එක ලිමිට් වෙනවා.තත්පර 30ට වඩා වැඩි ගාණක් දානවා නං ඉතාමත්ම හොදයි.
හරී.........එහෙනං අදට ලිපිය ඉවරායි.ඊළග දවසෙත් මේ වගේ අලුත් ලිපියක් අරන්න මම ආපහු එන්නංකෝ....
ඔයාලා හැමෝටමට සුබම සුබ දවසක් වේවා!!!

2 comments:

  1. එල එල මචං.. තෑන්ක්ස් වේවා....
    පුළුවන් නම් ඇවිල්ලා බලලා යන්න... - www.sinhalahackz.blogspot.com
    හැකින් ඉගෙන ගන්න මෙතනින් ඇවිත් රෙජිස්ටර් වෙන්න.... - www.yakadaya.com

    ReplyDelete

Powered by Blogger.