WA1

3DS Max සිංහල පාඩම් මාලාව | පරිගණක ලෝකය | හැදින්වීම


ආයුබෝවන් යාලුවනේ...
මේ තියෙන්නෙ මගේ පළවෙනි පාඩම් මාලාව.මීට කලින් පොඩි පොඩි වීඩියෝ එහෙම කරල තිබුනත් මේ වගේ පාඩම් මාලාවක් මම හදල තිබුනෙ නෑ...ඒ නිසා මේක තමා මගේ පළවෙනි පාඩම් මාලාව...ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.එහෙම වෙලාවට මාව නිවැරදි කරන්න කියලත් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.
පටන් ගන්න කලින් අපි බලමු මේ පාඩම් මාලාවෙන් මොනවද මම ඔයාලට කියල දෙන්නෙ කියල...
මම ඔයාලට කියල දෙන්න යන්නෙ 3DS Max කියන සොෆ්ට්වෙයා එක සහ ඒකෙන් වැඩ කරන විදිහ ගැන.
3DS Max කියන වචනෙ ඔයාලට හුගක් අහල පුරුදු ඇති.මේ සොෆ්ට්වෙයා එක තමයි මේ ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි වෙන ත්‍රිමාන ග්රැෆික් නිර්මාණය කරන සොෆ්ට්වෙයා එක...දැන් එන ෆිල්ම්,නිවාස සැලසුම්,ගේම්ස් ඔය ඔක්කොම නිපදවන්න මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරනව.මේක ගැන ලොකු විස්තරයක් ඔයාලට විකිපීඩියෝ විශ්වකෝෂයෙන් ගන්න පුලුවන්...
මේ ත්‍රීඩී ග්රැෆික් ක්ෂේත්‍රය දැන් හුගක් නැගී එන ක්ෂේත්‍රයක්.ඒ වගේම රැකියාවක් වශයෙන් ලොකු වැටුපක් ගන්න පුලුවන් ක්ෂේත්‍රයක්.මොකද දැන් එන ෆිල්ම් වුනත් බලන්න.ඔක්කොම හදල තියෙන්නෙ මේ තාක්ෂණය පාවිච්චි කරල.
දැන් නිකමට බලන්න මොකක් හරි නගරයක් විනාශ කරන ෆිල්ම් එකක්.යුධ බිමක්.පිටසක්වල ජීවීන් ඇවිත් නගරයක් විනාස කරනව.ඕනි තරං ඔය වගේ ෆිල්ම් දැන් ඔයාලගෙ මතකෙට එනවා ඇති.ඉතින් ඔය ෆිල්ම් එකකදි ඔයාලා හිතනවද මලාට ඇත්තටම නගරයක් විනාස කරල ෂූට් කරනව ඇති කියල.කොහෙත්ම නෑ.ඔය මුලු නගරෙම වගේ ෂූට් කරන්නෙ ලොකු හිස් බිල්ඩිමක් වගේ එකක් ඇතුලේ.ඒ බිල්ඩිම ඇතුලෙ අර නගරෙ තියන නිවාස,බිල්ඩින් තියනවයැ.ඒ ඔක්කොම බිල්ඩින් කැඩෙන බිදෙන ඒව හදන්නෙ මේ සොෆ්ට්වෙයා පාවිච්චි කරල.
ඒ වගේම බලන්න දැන් ඔය නගරෙ විනාස කරද්දි නගරෙ ඉන්න ලක්ෂ සංඛ්‍යාත සෙනග කොහොමද කියල...අපෝ නෑ...ඔය ලක්ෂ ගාණක මිනිස්සු ඇත්තටම ඉන්නෙ වැඩිම උනොත් 20ක් 30ක් ඉදියි...මොකෝ කරන්නේ?...හරි ලේසියිනේ...අර පුංචි මිනිස්සු 20දෙනා 30 දෙනා දාල ෂූට් කරනවා...ඊට පස්සේ කම්පියුටරේ හරහා අර මිනිස්සු 30 දෙනා තැන් තැන් වලට කොපි එහෙම කරල ලක්ෂගාණක මිනිස්සු හදනව කොහොමද වැඩේ?...
හරි හරි...දැන් මං හිතනව ඔයාලට මේ ත්‍රීඩී ග්රැෆික්ස් කියන විෂය ගැන පොඩි දැනීමක් ඇති වෙලා ඇති කියල...එහෙනං දැන් අපි 3DS Max වලට බහිමු.
මුලින්ම කියන්න ඕනේ මේක ලොකු වෙලාවක් වැය කරලා කරන්න ඕනි දෙයක්.සමහර විට පුංචිම තේ කෝප්පයක් පවා මොඩ්ල් කරගන්න අඩුම පැය බාගයක්,පැයක් යන්න ඉඩ තියනව.ඒවගෙ පුංචි දෙයක් එහෙම නං ගෙවල්,කාර් වගේ ටිකක් ලොකු දේවල් මොඩ්ල් කරන්න කොච්චර වෙලාවක් යයිද?...එහෙම මොඩ්ල් කලා කියල හිතමුකෝ...ඊට පස්සේ ඒවාට පාටදාල textures දාලා අවසානයේ අපි rendering කියන ක්‍රියාවලියට ඒවා භාජනය කරනව.ඊට පස්සෙ තමයි අපිට අවුට්පුට් එක එන්නේ...ඒ නිසා මේ දේට විශාල කාලයක් වැය කරන්න ඕනේ...(දෙකක් නෑ දැනටමත් මේක කියවන බාගයක් හැලිල ඇති :D)
දැන් බලමු සොෆ්ට්වෙයා එක...
මං මේ පාඩම් මාලාවට පාවිච්චි කරන්නෙ 3DS Max 2011 64bit වර්ෂන් එක.මේකෙ 32bit වර්ෂන් එකත් තියනවා.දැන් නං 2017 අලුත්ම වර්ෂන් එකත් ඇවිත් තියෙන්නෙ.ඒත් 2012 සිට ආපු වර්ෂන් රන් කරවන්න තරං මගේ දුප්පත් කම්පියුටරේ වත්කම් මදි.ඒ නිසා කරන්න දෙයක් නෑ.හැබැයි මම ඔයාලට recommend කරන්නෙ කොහොම හරි 2010 වර්ෂන් එකෙන් ඉහල වර්ෂන් එකක් ගන්න.ඊට වඩා පහල අරගෙන නං වැඩක් නෑ.නෙට් එකේ ටියුට් අඩුයි ඒ වර්ෂන් වලට.2010,2011 වර්ෂන් වල වෙනසක් නැතිම තරමයි.අනික සාමාන්‍ය මැෂින් එකක ලේසියෙන් රන් කරන්නත් පුලුවන්.මං හිතනවා දැන් ඉන්න හැමෝටම අඩුම Dual core  ප්‍රොසෙසරේ තියන මැෂින් එකක්වත් ඇති කියල.දැන් නං ඊට වඩා අලුත් ඒවත් ඇති.මං මේ වැඩ වලට පාවිච්චි කරන්නෙ Dual core 3.0GHz,3GB Ram,Geforce 9500GT 512MB vga එකක්.ඔයාලට නං මට වඩා හොද කම්පියුටර්ස් ඇති.ඒක ඉතින් වඩා හොදයි.කොහොමත් පුලුවන් තරං ප්‍රොසෙසරයයි රැම් එකයි වැඩි කම්පියුටරයක් පාවිච්චි කරනවා නං හොදයි.
ඔව් හැමෝම කියනව වගේ මේකට ටිකක් ලොකු resolution එකක් තියෙන මොනිටර් එකක් ඕනි.ඔව් එතකොට මේක වඩාත් පැහැදිලිව කරන්න පුලුවන්.ඒ වගේම මං මෙතන පොර ටෝක දැම්මට මං ඔක්කොම කරන්නෙ 15inch LCD මොනිටර් එකකින්.ඊට වඩා මොනිටරේකට යන්න මගේ සල්ලි ගහ පීදිලා නැති නිසා කරන්න දෙයක් නෑ.ලද දෙයින් සැනසී එයින් ඉහලට ඉගෙන ගෙන ලොකු තැනකට ගියාට පස්සෙ අපිටත් පුලුවන්නෙ ලෝකෙ හොල්ලල වැඩක් කරන්න... :D
මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් මං හිමීට හොයලා දෙන්නං...ටොරන්ට් ලින්ක් නං ඇති ඕන තරං...මං මේක දාගත්තෙ DVD එකකින් නිසා මට ඩවුන්ලෝඩ් ලින්ක් හොයන්න අවශ්‍යතාවයක් ආවෙ නෑ...
දැන් 3D modeling ගැන,
ඔව් මුලින්ම කියන්න ඕනේ අපි මේ වැඩේට බැස්ස ගමන් කාර්,රේසින් කාර් මොඩ්ල් කරන්නෙ නෑ කියලා...(ඔන්න දැන් තව හෙන ගොඩක් හැලුනා.)ගොඩක් අය හිතන් ඉන්නෙ සොෆ්ට්වෙයා එක ඕපන් කරපු ගමන් කාර් මොඩ්ල් කරන්න පුලුවන් කියල.කොහොමත්ම බැහැ.එහෙමත් එකෙන් තමයි එක ෂොට් එකෙන් වැඩේ අල්ල ගන්නෙ.ඒත් තාමත් මම එහෙම කෙනෙක් දැකල නැහැ.කොටින්ම මටවත් තාම හරියට කාර් එකක් මොඩ්ල් කරගන්න බැහැ.මාත් මේ ලගදි ඉදල තමා මේක කරගෙන යන්නෙ.මුලින්ම ගෙවල්,ගෘහ භාණ්ඩ වගේ ඒ වලින් පටන් අරගෙන පස්සේ කාර් මොඩලින්,Environment Modeling වගේ ඉහල ඒවට යන්න තමා මගේ බලාපොරොත්තුව.ඇත්තම කිවුවොත් අර කාර් මොඩලින් Environment Modeling වගේ ඒව තාම හරියට මටවත් බැහැ.
දැන් මේ පාඩම් මාලාව කරන මං බුවා ගැන,
දැන් මං උඩ කිවුව ඒව දැකල ඔයාලා හිතනව ඇති මූ ලොකුවට ටෝක් දුන්නට කාර් එකක්වත් මොඩ්ල් කරගන්න බැරි බූරුවෙක් කියල.එහෙම එකා කොහොමද අපිට පාඩම් දෙන්නෙ කියල.ඔව් ඒක ඇත්ත.ඒත් මං විශ්වාස කරන දෙයක් තමයි කෙනෙක්ට දෙයක් දෙනකොට වැඩි වැඩියෙන් අපිට ලැබෙනව කියල.ඉතින් මං දන්න චුට්ට කියල දුන්නත් මට ඊට වඩා දෙයක් ලැබෙයි කියල මම විශ්වාස කරනව.කොහොම කොහොම හරි අනිත් අයටත් ටිකක් හරි දෙන්න තමයි මම බලන්නෙ.
මට කියන්න බැහැ මං 3ds max ගැන කොච්චර දන්නවද කියල හැබැයි මම දන්නෙ හරිම චුට්ටයි.හැබැයි ඒ චුට්ටෙනුත් තරමක දෙයක් කරන්න පුලුවන් කියලත් මම දන්නව.
අනිත් එක තමයි මම මේක පිලිවෙලට ඉගෙන ගත්ත එකෙක් නෙවෙයි.සමහර වෙලාවට සමහර ටූල් බාර්,පැනල් වලට කියන නම් වත් මම දන්නෙ නෑ.හැබැයි එක දෙයක් කියන්න ඕනේ.ඔය පත ගණන් ගෙවලා ත්‍රීඩීස් මැක්ස් කෝස් වලට යන අය ඉන්නෙ.ඒ අයට ඒවලින් ඔය පැනල් වල නම්,එක එක ටූල් වල නම්,සොෆ්ට්වෙයා එකේ මුලු ටූල් ඔක්කෝම,ඒවා ඔක්කොම හරීම හරීම හරීම පිලි වෙලට කියලා දෙනවනෙ.හැබැයි එච්චර ටූල් වල නම් එහෙම දැනගෙන ඕක කරන අයට වඩා දෙයක් මට කරගන්න පුලුවන් කියලත් මම දන්නව.ඇත්තම කියනවා නං මං මේකට ඕනි කරන ටූල් බාර් වල නම් එහෙම දැනගත්තෙන් මේ ලගදි නෙට් එකෙන් හොයල මොකද ඉතින් ඔයාලට ටියුට් එක දෙනකොට කියන්න එපෑ නැත්තං ඒක ගැන ඔයාලට විශ්වාසෙත් නැති වෙනවනේ...දැවෙන ප්‍රශ්න තමා ඉතින්...
අනිත් දේ තමයි මේක තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගන්න ඕනි දෙයක්.මම මුලින්ම මේකෙ මොඩ්ල් කරන හැටි එහෙම මූලික සිද්ධාන්ත ටිකයි ඒව කරන විධියි ඔයාලට කියල දෙනව.ඊට පස්සෙ ඔයාලා තනියම දෙයක් මොඩ්ල් කරන්න උත්සහ කරන්න.මෙතන මම ටියුට් එක දෙනකම්ම දෙයක් මොඩ්ල් කරන්න බලාගෙන ඉන්න එපා.ඒ වගේම මම දෙයක් කියල දෙන්න කලිනුත් ඔයාලට පුලුවන් ඉන්ටනෙට් එකේ සර්ච් කරලා ඒ දේ මම කියාදෙන්න කලින්ම පුරුදු වෙලා ඉන්න.මේ ඉන්ටනෙට් එකේ යූටියුබ් එකේ ත්‍රීඩීස් මැක්ස් ගැන වීඩියෝ දහස් ගණනින් තියනව ඒව බලන්න.නිකන් ඉන්න වෙලාවට මොකාක් හරි දෙයක් මොඩ්ල් කරන්න.තේ කෝප්පයක් වගේ දෙයක් උනත් කමක් නෑ.ඔයාගෙ කාමරේ තියන දෙයක්,නැත්තං මුලු කාමරේම මොකක් හරි මොඩ්ල් කරන්න.මේ වටපිටාවෙ කොච්චර දේවල් තියනවද මොඩ්ල් කරන්න.ස්කන්ධයක්,පරිමාවක් (ඔන්න දැන් මම විද්‍යා පාඩං වලටත් යනව :D)ඕනෑම දෙයක් මොඩ්ල් කරන්න උත්සාහ කරන්න.ඔයාට මේක සුපිරියටම කරන්න පුලුවන් සහතිකයි...
හම්මේ...එහෙනං මං යනවා...Modeling පාඩම් ටික මං ඔයාලට මෙහෙම ටයිප් කරල දෙන්නෙ නෑ.එහෙම ටයිප් කරල දුන්නම මට වදෙත් වැඩියි ඔයාලටත් වදේ අනිත් එක ඔයාලට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ...ඒ නිසා ඒ ටික වීඩියෝ විදිහට තමා ලබා දෙන්නෙ...
එහෙනං අදට ඉවරායි...සොෆ්ට්වෙයා දාගෙන රෙඩි වෙලා ඉන්න පුලුවන් නං...තාම ෂුවර් එකක් නැත්තං පලවෙනි ටියුට් තුන හතර එනකන් ඩේට කාල සොෆ්ට්වෙයා දාගෙන ඉන්නත් එපා...ටියුට් දෙක තුනක් ආවට පස්සෙ ෂුවර් එකක් ආවොත් දාගන්නකෝ...
එහෙනං මං ගියා...ඔයාලා හැමෝටම ජයින් ජයම වේවා...!!!


No comments:

Powered by Blogger.