WA1

ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් වල උපසිරැසි/Subtitles පේන්න හදන්නෙ කොහොමද?

ආයුබෝවන් යාලුවනේ...

මම අද ඔයාලට කියල දෙන්නෙ අපි ඩවුන්ලෝඩ් කරගත්තු ෆිල්ම් එකකට උපසිරැසි පේන්න හදන හැටි.මේක ෆිල්ම් බලන අයට සුලු දෙයක් වුනත් නොදන්න අය ඉන්න නිසා කියල දෙන්න හිතුවා.මුලින්ම කියන්න ඕනෙ මම දන්නෙ නෑ මං කියල දෙන ක්‍රමේ හරිද කියල...හැබැයි මේ ක්‍රමේට මම දාපු උපසිරැසි තාම එකක්වත් වැඩ කරන්නැතුව තිබිල නෑ.අනික සුලු දෙයක් කරන්න තියෙන්නේ.

මං මුලින්ම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගත්ත හැමෝම දන්න yts.ag සයිට් එකෙන් දෙන ටොරන්ට් එකකින්.
ඊට පස්සෙ ඒකට අදාල සිංහල උපසිරැසි තියන ෆයිල් එක baiscopelk.com එකෙන් හොයලා ඩවුන්ලෝඩ් කරගත්තා.

මේ තියෙන්නෙ මම ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එක තියන ෆයිල් එක

මේ තියෙන්නෙ මම ඩවුන්ලෝඩ් කරපු උපසිරැසි තියන ෆයිල් එක

මම දැන් මේ උපසිරැසි තියන ෆෝල්ඩර් එකේ තියන SRT Subtitle files ටික කොපි කරගන්නව ෆිල්ම් එක තියන ෆෝල්ඩරේට

හරි දැන් බලන්න ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු ෆිල්ම් එක 720p කොපියක්ද නැත්තං 1080p කොපියක්ද හරි ඒ මොකක් හරි කොපියක්ද කියලා...ෆිල්ම් එක තියන ෆයිල් එකේ නමට ඒක දාල තියනව.

දැන් ඒ ෆිල්ම් එක right click කරලා එන මෙනු එකෙන් rename බට්න් එක ඔබන්න.හැබැයි එක අකුරක් මකන්න එපා.
දැන් ඒ මුලු නමම කොපි කරගන්න.අපි වර්ඩ් වල කරනවා වගේ කොපි පේස්ට්...
අන්න දැන් ගිහින් අර  SRT Subtitle ෆයිල්ස් ටික තියෙන්නේ.අන්න ඒ ෆයිල් ටිකේ ඔයාට අදාල ෆයිල් එක (
අපි හිතමු ඔයා ගාව තියෙන්නෙ ෆිල්ම් එකේ 720p කොපියක් කියල.ඔයා උපසිරැසි ෆයිල් වල 720p ෆයිල් එක හොයාගන්න.) ඒක right click කරලා rename කරන්න.ඊට පස්සෙ එතනට ඔයා අර කොපි කරගත්ත ෆිල්ම් එක තියන ෆයිල් එකේ නම කොපි කරන්න.

කොපි කලාට පස්සෙ මෙන්න මේ විදිහට තමා වැඩේ වෙලා තියෙන්න ඕන

ඕයේ...දැන් වැඩේ හරී...දැන් උපසිරැසි වැඩ...

ආහ්...ඒත් එක්කම කියන්න ඕන මම මේ කරපු ක්‍රමේ සමහර විට දිග ක්‍රමයක් වෙන්න පුලුවන්.මීට වඩා ලේසියෙන් කරන්න පුලුවන් වෙන්නත් පුලුවන්.අනික මේ ෆිල්ම් වල frames ගැන එහෙම වැඩි දැනුමක් නැහැ මට...මට වැරදිලා නං ඔයාලට මාව නිවැරදි කරන්න පුලුවන් පහලින් කමෙන්ට් කරලා...ඒකට ගොඩාක් ස්තූතියි...ඒ වගේම කමෙන්ට් කරලා පෝස්ට් ෂ්‍යොර් කරලා සපෝර්ට් කරන හැමෝටමත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මං යනවා...
ඔබ සැමට සුබ දවසක් වේවා...

No comments:

Powered by Blogger.