WA1

ඔයාගෙ කම්පියුටර් එකත් කටහඩින් පාලනය කරමුද?

සැ.යු - දැනට මා මෙය අත්හදා බලා ඇත්තේ වින්ඩෝස් 7 පරිගණකවල පමණි.

මට මේක ගැන ලියන්න හිතුනේ පොඩි දෙයක් ගැන ඔයාලට කියල දෙන්න.පහුගිය දවස් වල මගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ මයික් එකේ අවුලක් ආපු නිසා ඒක හදන්න ගිහින් අහම්බෙන් මේකට වැටුනු නිසා තමයි මටත් මේක ගැන දැනගන්න ලැබුනේ.
මේක මම කරල බැලුවෙ වින්ඩෝස් 7 වලදි.වින්ඩෝස් අනිත් සංස්කරණ වල නං මට තාම මේක කරල බලන්න බැරි වුනා.පස්සෙ වෙලාවක කරල බලල ලිපියක් දාන්නම්.
හොදයි...ඔයාලා කැමතිද ඔයාලගෙ කම්පියුටර් එක ඔයාලගෙ කටහඩින් පාලනය කරන්න???
ඔව් එහෙම කරන්න පුලුවන්.ඒත් ඒක ලොකු කතාවක්.ඒක සුපිරියටම කරන්න නං අපිට අලුත්ම කම්පියුටර්,සොෆ්ට්වෙයා ඕනි වෙයි.ඒත් ඒ අත්දැකීම ගන්න පුලුවන් වැඩක් තමා මම අද කියන්න යන්නෙ.
මේකට අපිට වින්ඩෝස් 7 සහිත කම්පියුටර් එකක් සහ හොද මයික් එකක් තියෙන්න ඕනේ...
මුලින්ම ඔයාලා Start menu එකෙන් කන්ට්‍රොල් පැනල් එකට යන්න.
කන්ට්‍රෝල් පැනල් එකේ උඩින්ම ඇති View by කියල එකක්.එතන තියන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් Category කියල තෝරන්න.(මේක අවශ්‍යම නෑ.ඒත් මට පුරුදු මේ විදිහ නිසා මං මේක පාවිච්චි කරනව.)
එතකොට මෙන්න මේ වගේ තියෙන්න ඕනේ.


හරි දැන් ඔතන Hardware and Sound කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ එතනින් එන වින්ඩෝ එකේ Sound කියන එක යට තියෙන Manage audio devices කියන එක ක්ලික් කරන්න.


හරි එතනින් එන වින්ඩෝ එකේ Recording කියන ටැබ් එකට ගිහින් එතනින් ඔයාගෙ වැඩ කරන මයික් එක | Microphone එක සිලෙක්ට් කරන්න.
ඊට පස්සෙ යටින් තියන Configure කියන එක ක්ලික් කරන්න.


හරි දැන් එන වින්ඩෝ එකෙන් set up microphone කියන එක ක්ලික් කරන්න.


ඔන්න දැන් එන වින්ඩෝ එකෙන් ඔයාගෙ මයික් එක හරියට තොරගන්න.ඔයා හෙඩ් සෙට් එකේ තියන මයික් එකද නැත්තං වෙනම තියන මයික් එකක්ද පාවිච්චි කරන්නෙ කියන එක හරියට තොරගන්න.


ඊට පස්සෙ යටින් තියන Next බට්න් එක ඔබන්න.
ඊට පස්සෙ එන වින්ඩෝ එකෙත් ඒ විදිහටම මොකුත් නොකර Next කරන්න.


හරි දැන් එන වින්ඩෝ එකේ එයාලා කලු අකුරින් දාලා ඇල කරලා තියන වාක්‍ය ඔයා මයික් එකට ඇහෙන්න කියන්න.ඊට පස්සෙ Next කරන්න.


වැඩේ හරි ගියා නම් මේ වගේ වින්ඩෝ එකක් එයි.


හරි.දැන් ඕක finish කරන්න.
ඊට පස්සෙ කලින් තැනටම ගිහින් Start Speech Recognition ඔබන්න.

ඕයෑස්...දැන් වැඩේ හරි...දැන් ඕක එබුවම එයි පුංචි වින්ඩෝ එකක්.


ඕකෙ වැටිල තියෙන්නෙ ඕෆ් කියල නං අර මයික් එකේ රූපෙ උඩ ක්ලික් කරන්න.ඊට පස්සෙ වැටෙයි Listening කියල.
දැන් ඔය Listening කියල වැටිල තියන වෙලාවට තමා අපි කමාන්ඩ් දෙන්න ඕනේ.නැත්තං වැඩ නෑ.
හරි දැන් කමාන්ඩ් දෙමු.මෙන්න මේව කියල බලන්න.
Start – ස්ටාට් මෙනු එක ඕපන් කරන්න
Start Computer – කම්පියුටර් එක ඕපන් කරන්න
Start Wordpad – වර්ඩ්පෑඩ් ඕපන් කරන්න
Close Wordpad-වර්ඩ්පෑඩ් එක ක්ලෝස් කරන්න
තව ඔය වගේ හුගාක් තියනව.නෙට් එකේ හොයල බැලුවොත් ඕනි තරං හොයාගන්න පුලුවන්.ඒ වගේම මේ කමාන්ඩ්ස් දෙද්දි නියම හඩට කියන්න ඕනේ.නැත්තං වැඩ නෑ.
තව දෙයක්,
මේක කලාට පස්සෙ ආයෙත් ඔයාලට මේක අර සෙටින්ස් හද හද ඉන්න ඕනෙ නෑ.ස්ටාට් මෙනු එකට ගිහින් Speech Recognition කියලා සර්ච් කලාම මේක එනවා.ඊට පස්සෙ ඉතින් මේක රයිට් ක්ලික් කරලා pin to start menu කියල දැම්මම ආයෙක් සර්ච් කර කර ඉන්න ඕනෙත් නෑනේ...

එහෙනං...අපි ගියා...ගැටලු තියේ නං පහලින් කමෙන්ට් කරන්න...පොස්ට් ෂ්‍යොර් කරන්න යාලුවන්ටත් බලන්න

No comments:

Powered by Blogger.