WA1

නොමිලේ බඩු ගෙන්නන් ඔයාත් කැමතිද?part-2

හොදයි අපි කලින් ලිපියෙන් ඉගෙන ගත්තා කොහොමද listia.com එකෙන් හරියට ක්‍රෙඩිට්ස් හොයන්නෙ කියලා.අපි දැන් බලමු කොහොමද බඩුවක් හරියටම බිඩ් කරලා දිනලා ගෙන්න ගන්නේ කියලා.හරි දැන් මුලින්ම සයිට් එකට ලොග් වෙලා ඉමුකෝ....

දැන් ඉතින් ඔතන තියන search box එකෙන් හොද බඩුවක් තෝරලා ගන්නකෝ.මතක ඇතුව පහල තියන රූපේ දිහා බලලා ලංකාවට free shipping තියන බඩු තෝර ගන්න.නැත්තන් shipping වලටත් ගෙවන්න වෙයි.

හරි දැන් එතනින් ලංකාවට ෆ්‍රී ෂිපින් තියන බඩු තෝර ගත්තානේ.ඒ වගේම මං ඔය රතු පාටින් රවුම් කරලා තියන ඔප්ෂන් එක ක්ලික් කරලා එවෙලේම ගෙවලා ගන්න පුලුවන් බඩුත් තොරා ගන්න.

ඔයා බිඩ් කරන වේලාව හැකි තරම් අඩු බඩුවක් තෝර ගන්න එක වාසියි.මොකද ඉවර වෙන්න ලංවෙන එකක් බිඩ් කළොත් ඒක දිනන්න තියන ඉඩකඩ වැඩි නිසා.ඒ කියන්නේ ඔයා බඩුවක් ඉවර වෙන්න පැයක් විතර තියෙද්දි බිඩ් කරනවා.ඒ පැය ඇතුළත වෙන කවුරුත් බිඩ් කළේ නැති වුණොත් ඔයාට තමා බඩුව ලැබෙන්නෙ.

ඒ වගේම ඒ බඩුව විකුණන අලෙවි කරුවාගෙ ප්‍රොෆයිල් එක බලලා එයාට කොච්චර සතුටුදායක ප්‍රතිචාර ලැබිල තියනවාද බලන්න.මේ විදිහට බඩුව බිඩ් කරන්න කලින් හැම දේම හොයලා බලලා බිඩ් කරන්න.

හරී දැන් ඔයා බඩුව බිඩ් කරලා දින්නා කියමුකෝ.දැන් ඔයාගෙ නිවැරදි ලිපිනය අලෙවි කරුවාට ඊමේල් කරන්න.verify කරපු ලිපිනයක් යැවුවොත් වඩාත් හොදයි.
නිරතුරුවට ඒ අලෙවි කරුවා සමග තොරතුරු හුවමාරු කරගන්නත් ඕනි.ඒ වගේම ඔයාට ඒ බඩුව ලැබුනා නම් ඒ අලෙවි කරුවාට positive feedback එකකුත් දෙන්න.

හරී.....එහෙනං අපිත් නොමිලේ බඩු ගෙන්නුවා හොදේ.......අපැහැදිලි ගැටලු සහිත තැන් තියනවා නං පහලින් කමෙන්ට් කරන්නකෝ....ඒ වගේම යාලුවන්ටත් බලන්න ලිපියට පොඩි ෂෙයා පාරකුත් දෙන්න.

එහෙනං අපි ගියා.....
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

2 comments:

  1. bro meeka shipping option wala (Everywhere else) kiyanna world wide free delivery kiyana ekada?

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ...Free Shipping Everywhere else කියල යටින් තියන ඒව තමා නොමිලේ ලංකාවට ඩිලිවරි කරන්නේ...

      Delete

Powered by Blogger.